ජනාධිපතිට වැඩේ වැරදුණා -Vickramabahu Karunaratne

අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය ජනාධිපතිවරයාට පරාවලලක් වී ඇතැයි නව සමසමාජ පක්‌ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ආණ්‌ඩුව අගවිනිසුරුවරියට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රයෙන් අනතුරුව අධිකරණයේ ඉවසීම ගැන අප අගය කරන බව ඔහු ප්‍රකාශ කළේය.


දෝෂාභියෝගයට එරෙහිව සිදු කළ උද්ඝෝෂණවල ප්‍රතිඵල අද අපට ලැබී තිබෙන බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊයේ (12) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

"අප සිදු කළ අරගලය ආණ්‌ඩුවට දැනී තිබෙනවා. ජනපති අද කතා කරන්නේ සැලෙන හදවතින්. දෝෂාභියෝගය වෙනුවෙන් පත් කළ කමිටුවේ තීරණය ජනාධිපතිවරයාට විශ්වාසයක්‌ නැහැ. අපි මුල ඉඳලම කිව්වා මේක බොරුවක්‌ කියලා. පරීක්‍ෂණ කරන්න දෙයක්‌ නැහැ කියලා. මේක දේශපාලන හේතූන් මත ගොතපු චෝදනා පත්‍රයක්‌... විපක්‍ෂය නරක දේවල්වලට විතරයි විරුද්ධ වුණේ. අප හරි දේවල්වලට පාරට බැහැලා නැහැ. උගත් පාඩම් කොමිසම් වාර්තාවට අප විරුද්ධ වුණේ නැහැ. අපි කිව්වේ එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටයි. නමුත් ආණ්‌ඩුවේ ඇමැතිවරුම ඒකට විරුද්ධයි" යනුවෙන් වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

Gossip Lanka Hot News Previous News Archive