Vinil manik son's Wedding " Homecoming "

ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දැරු විනිල් මැනික් පුතුගේ මංගල්‍ය

පෙරේදා හොම්කමින්

ලංකාවේ වැඩිම වියදමක් දරා පැවැත්වූ මංගල උත්සවයක් ලෙස විනිල් මැණික් ව්‍යාපාරිකගේ පුතු දිනේෂ් චතුරංගගේ විවාහෝත්සවය පෙරේදා වාර්තා පොතට ඇතුළත් වුණා. වාර්තාවන ආකාරයට එහි වියදම රුපියල් කෝටි ගණනාවකි. ආරාධිතයින් 750 කින් මංගල උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ වන අතර පෙරේදා දෙවැනි ගමන වෙනුවෙන් එක් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වූයේ ආරාධිතයින් 900 කගේ සහභාගීත්වයෙනි.

දෙවැනි ගමන වෙනුවෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උත්සව දෙකක්ද රත්නපුරයේ තවත් එකක් ඉරිදා පැවැත්වෙන බවත් මෙම උත්සව සඳහා සියලූම ආරාධිතයින් සඳහා පැමිණීම වෙනුවෙන් වටිනා තිළිණයක්ද ලබාදුන් බව වාර්තා වනවා. ආරාධිතයින්ට ලොව වටිනාම මත්පැන් ලබාදුන් බවත් යුවළ උත්සව දෙකටම පැමිණීම හා යාම හෙළිකොප්ටර මගින් සිදු කළ බවත් වාර්තා වුණා.

පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටින දිනේෂ් අතගත්තේ හසිනි අලවතුවල සමගිනි. ඇය කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණියයි. විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.
විවාහ දිනයට ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ අතර දෙවැනි ගමන උත්සවයට යෝෂිත රාජපක්ෂ සහ ඇමතිවරු ගණානාවක් එක්ව සිටියා.














































විනිල් මැණික් පුතුගේ විවාහ උත්සවය, Vinil manik son's Wedding
 

Gossip Lanka Hot News Previous News Archive