පලමු සමලිංගික බයිබලය නිකුත් වේ-The World’s first “Gay Bible”

සමලිංගිකත්වය පිලිබඳව බයිබලයේ ඇති අපැහැදිලි තැන් නිවැරදිව පරිවර්තනය කරමින් පලමු සමලිංගික බයිබලය වන ‘ජේම්ස් රැජිණ ගේ බයිබලය නිකුත් වී ඇත. එහි අන්තර්ජාල විස්තරයේ දැක්වෙන්නේ ‘‘ඔබට ඔබේ ලිංගිකත්වය තෝරා ගත නොහැකි මුත් දෙවියන් වහන්සේ තෝරා ගත හැකිය.

දැන් ඔබට බයිබලයද තෝරා ගත හැකිය’’ යනුවෙනි. ප‍්‍රසිද්ධ ද්වී ලිංගිකයෙක් ලෙස සලකා ඇති ජේම්ස් රජු ගේ නමින් මෙය නම්කර ඇත. 1946 වෙළුමට පෙර බයිබල වල සමලිංගිකත්වය පිලිබඳ අදහසක් නැති අතර ඇඟවීම් පමණක් අන්තර්ගතය. දහස් ගණනක් වන බයිබලයේ ෙඡ්ද අතරින් 8ක පමණක් සමලිංගිකත්වය පවක් ලෙස දක්වා ඇත.


මෙම කොටස් වල සමලිංගික විරෝධී අර්ථය ඉවත් වන පරිදි නව බයිබලය සංශෝධනය කල බව එහි වෙබ් අඩවියේ දක්වා ඇත. කැතලික් ඔන්ලයින් සේවයට අනුව මෙම ජේම්ස් රැජිනගේ බයිබලය මගින් බයිබලයේ භාෂාව වෙනස් කර සමලිංගික සමානාත්මතාවය නීත්‍යානුකූල කිරීමට යයි.

‘‘අවාසනාවකට ඔවුන්ට හැකිවී ඇත්තේ දෙවියන් වහන්සේගේ වචන වැරදි ලෙස ප‍්‍රකාශ කිරීමට පමණි. දෙවියන් තමා වෙත එන දරුවන් කිසිවෙක් ප‍්‍රතික්ෂේප කරන බව ශුද්ධ වු ලේඛනයේ කොතනක වත් නැත. එතුමා ප‍්‍රතික්ෂෙප කලේ මිනිසෙක් හා ගැහැණියක අතර විවාහයට පරිබාහිරව සිදුවන ලිංගික ක‍්‍රියා පමණි’’ යනුවෙන් එහි දක්වා තිබේ.

බයිබලය වෙනස් කිරීමට අමතරව ජේම්ස් රජු ද්වී ලිංගිකයෙක් බව සාක්ෂි නොමැතිව ප‍්‍රකාශ කර ඇති බව කැතලික් ඔන්ලයින් සඳහන් කර ඇත. බයිබලය අපරිපූර්ණ බව කීම බංකොලොත් ලෝක දර්ශනයේ අතුරු ඵලයක් බව එහි අවසානයට කියා ඇත.

මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive