ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අමෙරිකවේ බෙසී කූපර් මියගොස් තිබේ.
ජෝර්ජියා ප්රාන්තයේ දිවි ගෙවූ ඇය මිය යන විට 116 වැනි වියේ පසු වූවාය.
විදෙස් වාර්තා පවසන්නේ, මෑතකදී කූපර් උදර ආසාදනයකින් පෙළුණු බවය.
කූපර් ලොව වයස්ගතම කාන්තාව ලෙස 2011 වසරේ ජනවාරි මාසයේදී ගිනස් වාර්තා අතරට එක් වූවාය.
ටෙනසි ප්රාන්තයේ උපත ලැබූ ඇය පළමුවන ලෝක යුද්ධයෙන් අනතුරුව සිය රැකියාව වූ ගුරු වෘත්තිය සඳහා ජෝජියා ප්රාන්තයට පැමිණියා ය.
ඇයගේ අභාවයත් සමඟ ගිනස් වාර්තාවන්ට අනුව ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම කාන්තාව වන්නේ ඇමරිකාවේම අයෝවා ප්රාන්තයේ දිවිගෙවන 115 හැවිරිදි ඩිනා මැන්ෆ්රෙඩිනී ය.
කෙසේ වෙතත් එදා මෙදාතුර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්රංශයේ උපත ලද ජියානේ කල්මෙන්ට් වන අතර අවුරුදු 122 ක් දිවිගෙ වූ ඔහු 1997 මියගියේ ය.