You tube වෙනුවට ඉරානයෙක් වීඩියෝ වෙබ් අඩවියක්

Youtube හි අන්තර්ගතය නොගැලපෙන බව කියමින් ඉරානය තම අනන්‍ය වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් අරඹා ඇත. පර්සියානු භාෂාව කතා කරන අය ආකර්ශණය කර ගැනීමත් ඉරාන සංස්කෘතිය ප‍්‍රචලිත කිරීමත් මෙහි අරමුණ බව එහි හඳුන්වාදීමේ දැක්වේ.

ෆර්සි බසින් මෙම වෙබ් අඩවියට MEHR ලෙස නම යොදා ඇති අතර එහි අර්ථය වින්දනයයි. ඉරාන ගීත ඇතුලත් මෙයට සම්බන්ධ වීම සඳහා face book ගිණුමක් ද ඇත. එරට ජනපති මොහොමඞ් අහමදිනෙජාඞ් බලයට පත් වූ 2009 වසරේ සිට ටෙහෙරානය හදමඑමඉැ වෙත වාරණ පනවා ඇත.


facebook, twitter ඇතුළු බටහිර වෙබ් අඩවි අවහිර කිරීමට ඉස්ලාමීය සමූහාණ්ඩුව සලකා බලමින් සිටී. අගෝස්තුවේ අමීර් කබීර් විශ්ව විද්‍යාලයේ සම්මේලනයකදී විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ප‍්‍රධානී රෙසා ටකිපූර් චෝදනා කලේ රටවල් දෙකක් මගින් පාලනය වන අන්තර්ජාලය විශ්වසනීයත්වයෙන් තොර එකක් බවයි.

මෙම වාරණ සැලසුම ඇමරිකාවේ විවේචනයට ලක්ව ඇත්තේ රටේ ජනතාව ලෝකයෙන් වසං කිරීමේ උත්සාහයක් ලෙසයි. තවත් අය විශ්වාස කරන්නේ මෙ න්‍යෂ්ඨීක වැඩසටහන් ආවරණය කිරිමේ උත්සාහයක් බවයි.

2010 දී ඇමරිකානු සහ ඊශ‍්‍රායෙල් බුද්ධි අංශ විසින් නිපදවූ stuxnet වෛරසය මගින් න්‍යෂ්ඨීක වැඩසටහනේ මධ්‍යස්ථාන 1000ක් පමණ කඩාකප්පල් කරන ලදී. මෙමගින් වැඩසටහන මාස 18 ආපස්සට ගෙන යාමට ඔවුන්ට හැකි විය.

2013 වන විටම මෙම වෙබ් අඩවිය අවසන් වීමට නියමිත අතර එයින් ජාතික අන්තර්ජාලය ගෝලීය ජාලයෙන් වෙන් කිරීමට උත්සාහ කෙරේ.

2002 දී උතුරු කොරියාව දියත් කල KWANGUNYONG ඩෙබ් අඩවියද මිට සමානම වාරණ උත්සාහයක් ලෙස දැක්වේ.

මූලශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive