ශ්‍රී ලංකාවට කඩුළු 04 ක විශිෂ්ඨ ජයක් - Sri Lanka beat Australia by 4 wickets

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 26.4කදී සියලුදෙනා ලකුණු 74ට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මිචෙල් ස්ටාර්ක් ලකුණු 22ක් හා සේවියර් ‍ෙඩාර්ටි ලකුණු 15ක් ලබාගත් නමුදු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 10 සීමා‍ව පසුකර යාමට නොහැකි විය.පන්දු යැවීමේදි නුවන් කුලසේකර ලකුණු 22ට කඩුලු 5ක් බිඳ දමන ලදී.


ජයග්‍රහණයට ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වෙමින් කඩුලු 5ක් උදුරා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 22ක්, මහේල ජයවර්ධන 1 ලකුණකටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාත් දැවී ගිය අතර ලහිරු තිරිමාන්න ලකුණු 7ටත් උපුල් තරංග ලකුණු 12ටත්, ජීවන් මෙන්ඩිස් ලකුණු 2ටත් දැවී ගියහ.

නොදැවී ක්‍රීඩා කළ කුෂල් ජනිත් පෙරේරා ලකුණු 22ක් ලබා ගත් අතර තිසර පෙරේරා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 4කී.ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 6ක් බිඳ වැටී තිබියදී ජයග්‍රහණය ලබා ගන්නා ලදී.මිචෙල් ජොන්සන් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත්විය.

ඒ අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.









Gossip Lanka Hot News Previous News Archive