අවිස්සාවේල්ල හිරගෙදරින් 10ක් පනියි

අද අලුයම අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් සිරකරුවන් පිරිසක් පලාගොස් තිබේ.අලුයම 6ට පමණ බන්ධනාගාර සිරමැදිරිය කඩා මෙලෙස පලාගිය සිරකරුවන් ගණන 10කි. ඊයේ සවස අවිස්සාවේල්ල,රුවන්වැල්ල යන අධිකරණවල නඩු විභාග සදහා ගෙනවිත් අවිස්සාවේල්ල බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් මෙලෙස පලාගොස් තිබෙන අතර බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන්ද මේ අතර සිටි බව වාර්තාවේ.

අද උදෑසන මේ සැකකරුවන්ට මූණු සෝදා ගැනීම සදහා බන්ධනාගාර දොර අරින්නට නියාමකවරයෙකු පැමිණ තිබෙන අතර ඔහු සිරමැදිරියට ආ විට සැකකරුවන් ඔහුගේ ගෙල සිරකොට යතුර උදුරාගෙන එය කවුලුවෙන් පිටතට දමා තිබේ.


මේ අතර පිටතට ආ සිරකරුවන් සෙසු බන්ධනාගාර නියාමකවරයාද බැඳ දමා කැන්ටිම දෙසින් පලා ගොස් තිබේ.පසුව බන්ධනාගාර සිරකුටිය පරීක්ෂා කරනවිට එහි බිත්ති ස්ථාන තුනකින් සිදුරුකොට තිබිණි.

මේ වනවිට සිරකරුවන් සොයා අවිස්සාවීල්ල පොලිසිය මෙහෙයුමක් දියත්කොට තිබේ.

Gossip Lanka Hot News Previous News Archive