පොලිසියේ සියලු දීමනා සියයට 100 කින් නගී.


වසර 24 කට පසු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ දීමනා ගෙවීම් ඊයේ (01 වැනිදා) සිට සියයට 100 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව පොලිස්‌ දෙපාර්තමේන්තුවේ 84,000 ක්‌ වූ සියලුම නිලධාරීන්ගේ දීමනා ගෙවීම් ඊයේ සිට ඉහළ ගොස්‌ තිබේ. පොලිස්‌ නිලධාරීන්ගේ මාසික වැටුපට අමතරව ගෙවන සියලුම දීමනා සියයට 100 යේ සිට ඊට වැඩි ප්‍රමාණවලින් වැඩි කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ මාසික දීමනා රුපියල් පන්දහසකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇත.

1988 වර්ෂයෙන් පසු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකුගේ දීමනා ගෙවීම් ඉහළ නංවා නොමැත. දැඩි වෙහෙසකර වූ රාජකාරියක නිරත වන පොලිස්‌ නිලධාරීන් දිනකට පැය 16 කට ආසන්න කාල සීමාවක්‌ රාජකාරි කළ ද ඔවුන්ට ලැබුණේ ඉතාම සුළු අමතර දීමනාවකි.


වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා පොලිස්‌ නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට දැඩි කැපවීමකින් කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර පොලිස්‌ නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට වත්මන් පොලිස්‌පතිවරයා දැඩි උත්සාහයක්‌ ගත්තේය.

 පොලිස්‌ නිලධාරීන්ගේ දීමනා ඉහළ නංවා ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම පිළිබඳව එම නිලධාරීහු පොලිස්‌පතිවරයාට සිය ප්‍රසාදය පළ කර සිsටිති.

Gossip Lanka Hot News Previous News Archive