ගෑස් 150කින් නගී - 12.5 kg gas cylinder up by Rs. 150

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 Kg ලාෆ්ස් හා ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 න් ඉහළ නංවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී ලෝක වෙළඳපොළේ සිදුවූ ගෑස් මිල ඉහළ යාමට අනුව මෙසේ ගෑස් මිල ඉහළ නැංවීමට සිදුවන බව එම අධිකාරිය සඳහන් කරයි.ඒ අනුව මෙතෙක් රුපියල් 2246 ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල රුපියල් 2396 ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
2012 මැයි 04 වන දින අවසන්වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවිය.

පසුගිය වසර 2ක කාලය තුල ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 54% කින් ඉහල ගොස් ඇති අතර ලිත්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 45% කින් ද ඉහල ගොස් තිබේ.

2011 වසරේ සිට මේ වනවිට ගෑස් මිල 5 වතාවක් වැඩිවී තිබෙන්නේ පහත පරිදිය.

Gossip Lanka Hot News Previous News Archive