ජපන් කෙළවල්ලේක් ඩොලර් මිලියන 1.7 ක මිලකට අලෙවි වේ.

ජපානයේ පැවැති මාළු වෙන්දේසියකදී බ්ලූෆින් වර්ගයේ කෙළවල්ලා මත්සයකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.ටෝකියෝවේ සාම්ප‍්‍රදායික මත්ස්‍ය වෙන්දේසියේදී විකිණුනු මෙම ටූනා මත්ස්‍යයා බරින් කිලෝග්රැම් 222ක් වන අතර එම මතස්‍යයා මිලදීගත්තේ ප‍්‍රසිද්ධ සෂී (sushi) අවන්හල් ජාලයක හිමිකරුවා වන කියුෂී කිමුරා නැමැත්තා වේ.

සෂි ආපනශාලා වල ඇති විශේෂත්වය වන්නේ විවිධාකාරයේ මසුන් අමුවෙන් ආහාරයට ගැනීම සදහා සූදානම් කර තිබීමයි.


ලෝක පරිසරවේදීන්ට අනුව ටූනා මත්ස්‍ය සම්පත සිග‍්‍රයෙන් වදවී යන සත්ව කොට්ඨාශයක් බවට පත්වී ඇති අතර වාර්ෂිකව අල්ලා අන්නා ටූනා මත්ස්‍ය සම්පතින් අඩකටත් වඩා පරිභෝජනය කරන්නේ ජපන් ජාතිකයන් විසිනි.


මුලාශ්‍රය - Bluefin tuna sells for record $1.7 million

Gossip Lanka Hot News Previous News Archive