බ‍්‍රසීල රාත‍්‍රී සමාජ ශාලා ගින්නෙන් 180ක් මරුට

දකුණු දිග බ‍්‍රසීලයේ රාත‍්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 180ක් පමණ මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.සාන්ත මරියා නගරයේ ’කිස්’ නම් රාත‍්‍රී සමාජ ශාලාව් ඇති වූ මෙම ගින්න ආරම්භ වී ඇත්තේ එහි සිටි සංගීත කණ්ඩායම විසින් සිදු කළ පයිරෝටෙක්නික්ස් ගිනිකෙළි සංදර්ශනයකින් බව විදෙස් වාර්තා වල දැක්වේ.
මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවත්, එම ස්ථානයෙන් මළසිරුරු 159ක් පමණ ඉවත් කර ඇති බවත් මෙම ගින්නට අසුවූවන් මුදවා ගැනීමේ මෙහෙයුමේ ප‍්‍රධානියා වන මේජර් ජර්සන් ද රෝසා ෆෙරෙයිරා විදෙස් පුවත් සේවා වෙත පවසා තිබේ.සිද්ධියෙන් කොපමණ ප‍්‍රමාණයක් මියගොස් ඇතැයි තවමත් නිශ්චිත ලෙස පැවැසිය නොහැකි බවත්, එම සංඛ්‍යාව 200ක් පමණ ඉහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


මෙම ගින්න ඇති වන අවස්ථාවේදී කිස් රාත‍්‍රී සමාජ ශාලාවේ පුද්ගලයන් 500ක් පමණ සිට ඇති බවත්, අනතුරෙන් බොහෝ අය මියගොස් තිබෙන්නේ පෑගීම හෝ හුස්මගැනීමට නොහැකිව බවත් විදෙස් වාර්තා වල තවදුරටත් දැක්වේ.




Gossip Lanka Hot News Previous News Archive