1996 ලෝක ශූරයෝ හෙට N.C.C පිටියට

1996 දී ලෝක ක්‍රිකට් ශූරතාව දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (12) වැනිදා ‍කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී විස්සයි 20 ක්‍රිකට් තරගයකට එකතු වන්නේ ඓතිහාසික අවස්ථාක් සනිටුහන් කරමිනි.වසර 18කට පසු මේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට උදාවෙන්නේ හේමාස් සමාගමේ බේබි ෂෙරමි බිග් හාර්ට් ව්‍යාපෘතියේ 50වැනි සමරුවට දායක වෙමිනි. මේ ව්‍යාපෘතිය අසරණ දු දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලන නැණ දිරිය වැඩ සටහන හා බැඳුනකි.


එම ව්‍යාපෘතියට මුල්‍යමය ආධාර ලබාදීම සඳහා මේ විචිත්‍රවත් ක්‍රිකට් තරගය පැවැත්වේ.බිග් හාර්ට් ව්‍යාපෘතියේ සන්නම් කළමනාකාර ලෝක කුසලාන ක්‍රිකට් පිලේ සාමාජික රොෂාන් මහනාම මහතාගේ දැඩි කැපවීම මත කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතාගේද සහභාගිත්වයෙන් කණ්ඩා‍යමේ සෙසු සාමාජිකයන්ගේද පූර්ණ එකඟතාවයෙන් මේ තරගය සංවිධානය වී ඇත.

රු.50ක ප්‍රවේශපත්‍රයක් මේ තරගය නැරඹීම සඳහා නිකුත් කර ඇත්තේ බේබි ෂෙරමි බිග් හාර්ට් ව්‍යාපෘතියේ නැණදිරිය වැඩසටහනට මුල්‍යමය ආධාර එක් රැස් කර ගැනීම සඳහා බව මහනාම මහතා පැහැදිලි කරයි.මෙදින එන්.සී.සී ක්‍රීඩා පිටියේ සැණකෙළි ස්වරූපයක් ගැනීමටද සියලු කටයුතු සුදානම් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive