පුරුෂ ශක්තිය වසරකට 2% කින් පහල බසින බවට වාර්තා

දශකයක් තුළ දී පුරුෂ ශුක්‍රාණු 38% ක ප්‍රතිශයකින් පහල බැස ඇතැයි ස්පාඤ අධ්‍යයන වාර්තාවකින් හෙලිවී තිබෙනවා.තරුණයින්ගේ පවා ශුක්‍රාණු ප්‍රතිශතය වසරක් පාසා 2% ප්‍රමාණයකින් පහල බසින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. මෙය ඉතා භයානක තත්ත්වයක් වන අතර ගන්නා ආහාර සහ ජීවන විධි මේ සඳහා ප්‍රභල හේතුව වී තිබෙන බව ඔවුන් පෙන්වාදි තිබෙනවා.
මේ පරීක්ෂණය සඳහා වසර 10 ක් තිස්සේ පුරුෂයින් 200 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 2001 වසරේ දී තරල මිලි ලීටරයක් තුල ශුක්‍රාණු සෛල මිලියන 72 ක් තිබී ඇති අතර 2011 වන විට එය තරල මිලි ලීටරයට මිලියන 52 දක්වා පහල වැටී ඇත. මෙම සංඛ්‍යාව මිලියන 40 දක්වා අඩු වුවහොතින් පිළිසිඳගැනීමෙ හැකියාව ඉතා අවධානම් බවයි විශේෂඥයන් පවසන්නේ.


2001-2002 වසරේ දී වයස අවු.18-23 අතර තරුණයන් 273ක් මේ සඳහා යොදාගන තිබෙන අතර 1989 වසරේ සිටම පුද්ගලයින් 26,000 යොදාගෙන පරීක්ෂණය සිදු කර තිබෙනවා.

එහිදී නිරීක්ෂණය කළ හැකිව තිබෙන්නේ ශුක්‍රාණු සෛල සංඛ්‍යාව පහල වැටෙමින් පවතිනවා මෙන්ම නිරෝගී සෛල සංඛ්‍යාව ද සමානුපාතිකව අඩු වෙමින් පවතින බවයි.

එමෙන්ම ස්පාඤයේ පමණක් නොව ලොව පුරා රටවල් වල ද මෙබඳුම තත්වයක් පවතින බවට පසුගිය වසර 20 ක් තුළ දී සිදු කළ පර්යේෂණ වලින් හෙලි වී ඇති බව බ්‍රිතාන්‍ය විශේෂඥවරයෙක් ද පවසනවා. තත්ත්වය මෙලෙසම පවතින්නේ නම් එය අනාගතයේ දී බරපතල තත්වයක් ඇති කිරීම නිසැක බවයි පර්යේෂකයන් පවසන්නේ.

Gossip Lanka Hot News Previous News Archive