ගණිත හා විද්‍යා ප්‍රථම ස්ථාන දෙකම රාජපක්ෂ විදුහලට - 2012 A/L Results

ඊයේ සන්ධ්‍යාවේ නිකුත්වූ 2012 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර ජීව විද්‍යාව හා ගණිත අංශ දෙකෙහිම දිවයිනේ ප්‍රථම ස්ථාන හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට හිමිව තිඛෙනවා.
බොහෝ අවුරුදුවල කොළඹ පාසල් වල සිසුසිසුවියන් තරගකාරී ලෙස ලබාගන්නා මෙම විශේෂ ස්ථාන එකම පාසලක සිසුන් දෙදෙනෙකු ලබාගැනීමත් එය හම්බන්තොට වැනි ප්‍රදේශයක එකම පාසැලකට හිමිවීමත් විශේෂිතය.
කොළඹ දේවි බලිකා විද්‍යාලයේ උපේෂා සෙව්වන්දි, ශේෂානි ගුණතිලක, සමාලි ලියනගේ යන සිසුවියන් තිදෙනා පිළිවෙලින් කලා, වානිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශයන්ගෙන් ඉහළම ලකුණු ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගෙන ඇත.


විභාග අංක 4896840 යටතේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළට පිළිතුරු ලියූ කසුන් ලක්මාල් රාජපක්ෂ ජීව විද්‍යා අංශයේ ලංකාවෙන් ප්‍රථමයා වූ අතර ඔහුගේ ඉසෙඩ් අගය 2.9351 කි. විභාග අංක 4897587 යටතේ එම විද්‍යාලයේ උසස් පෙළට පිළිතුරු ලියූ රුසිරු රංගික ගාම්භීරආරච්චි ගණිත අංශයේ ලංකාවෙන් ප්‍රථමයා වූ අතර ඔහුගේ ඉසෙඩ් අගය 2.9604 කි.

දෙදෙනාටම සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට බී සාමාර්ථය ඇති අතර සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට 85 හා 87 කි.

දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි පාසල් වල සිසුසිසුවියන් අභිබවමින් හම්බන්තොට වීරකැටිය මධ්‍ය විද්‍යාලයෙන් දිවයිනේ ප්‍රථමයන් ලෙස තමන් තේරී පත්වීම ගැන සතුටු වන බවත් ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලය දැන් අත්විඳින බවත් කසුන් හා රුසිරු ඊයේ රාත්‍රියේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබුණා.

ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්
 
රුසිරු රංගික ගේ ප්‍රතිඵල සටහන

කසුන් ලක්මාල්ගේ ප්‍රතිඵල සටහන




















අන්තර්ජාලයේ www.doents.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල දැක ගත හැකිය.
එසේම ඔබගේ ජංගම දුරකථනයෙන් EXAMS යනුවෙන් type කර පරතරයක් තබා ඔබගේ විභාග අංකය යොදා 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵලය දැනගත හැකිවෙනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive