කිසිදු යාචකයකුට 2013 නව වසරේ සිට කොළඹ නගරය තුළ සිඟා කෑම, නිකරුණේ කාලය ගත කිරීම සහ පදිකවේදිකා තුළ නවාතැන් ගැනීම සපුරා තහනම් බව පොලිසිය පවසයි.
එලෙස සිටිනා යාචකයන්ට පළමුව අවවාද කොට ඉවත් කරන බවත් නැවත ඒ ආකාරයෙන්ම සිටියහොත් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි.
‘‘මේ වසරේ ඉඳන් කිසිදු යාචකයෙක්ට කොළඹ නගරයේ සිගමන් යදින්න බැහැ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒ අය අපි කොළඹ නගරයෙන් ඉවත් කරනවා’’ යයි රථවාහන පාලන බාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසීය.