2013 වසර අධ්‍යාපන ක්ෂේත්රයේ සුබ පල උදාකරන වසරක් ලෙස ජනවාරි පළමුවැනිදාට උදාවූ ග්‍රහ චාරයට අනුව පෙන්වා දිය හැකිය.
ඒ ඒ ලග්නවලට ග්‍රහයන්ගේ ගෝචර ගමනේදී ඇති කරන ග්‍රහ බලපෑම් මත එය සිදුවන්නේ ග්‍රහ දෘෂ්ටි, යෝග, සංයෝග නිසා ඇතිවන බල දුබලකම් අනුවය. එසේම දුර්වල පිහිටීම්වලදී ප්‍රතිකර්ම මඟින් අපල උපද්‍රව දුරු කරවාගෙන අධ්‍යාපනය හදාරන්නන්ගේ යහපත පිණිස උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය සහ වෙනත් විභාග කටයුතු සඳහාද සුබ පල ලැබිය හැකි බවද පෙන්වා දිය හැකිය.
ජන්මයට අනුව යෙදෙන ග්‍රහ චාරයේ තත්ත්වය මත ඒ ඒ ග්‍රහයන්ගේ ගෝචර ගමනේදී ඇතිවන බල දුබලකම් එකිනෙකට වෙනස් වේ. මෙහි දක්වා ඇත්තේ පොදුවේ ගෝචර ගමනේදී ඇතිවන තත්ත්වයයි. කේන්ද්‍රයක පස්වැන්න, නවවැන්න බලවත් වූ තරමට උසස් අධ්‍යාපනය සාර්ථක වේ.
එසේම එය දශාවන් අනුව විවිධ ප්‍රතිඵල පෙන්වනු ඇත. ලග්නාධිපති ග්‍රහයා සුබයකු වී පස්වැන්නේ පිහිටීම සහ පස්වැන්නට දෘෂ්ටි හෙළීම අධ්‍යාපනයට යහපත් පිහිටීමකි. ලග්නාධිපති නවවැන්නේ සිටීමද උසස් අධ්‍යාපනය මෙන්ම විදේශ අධ්‍යාපනයට ඇති වාසනාව පෙන්වයි. පස්වැන්නාධිපති හෝ නවවැන්නාධිපති උච්චව ලග්නයේ ගමන් කිරීමද උසස් අධ්‍යාපනයක් ලැබීමට හේතු වේ.
බුද්ධිය සහ ඥාන ශක්තිය පෙන්වන අධ්‍යාපනය සම්බන්ධ භාවයන්හි උච්ච නීච බලයට අනුව ග්‍රහ පිහිටීම් පිළිබඳ පරීක්ෂා කිරීමෙන් ජන්මියාගේ ඥානවන්ත බව මැනවින් පෙනේ. එසේම කේතු අධ්‍යාපනයට රුකුල් දෙන්නෙකි. නමුත් රාහු අධ්‍යාපනය කඩා ඉහිරවන්නෙකි. කුජ බලවත්ව පහ, නවය ස්ථානයන්හි ඇත්නම් උසස් කාර්මික අධ්‍යාපනයක් ලබාගත හැකි වාසනාවකි. කලා අංශවල ඉහළ තත්ත්වය පෙන්වන සිකුරු හෙවත් ශුක්‍ර මෙන්ම සඳු - සිකුරු යෝගය විදේශගත අධ්‍යාපනයද ලැබිය හැකි බව පෙන්වයි.
ජන්ම කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් දශා ඵල මෙන්ම, ගෝචර ඵල අනුව නිවැරැදි වූ පලාපල දැක්වීමට හැකිවන අතර එක් එක් අයගේ වෙනස් වූ ග්‍රහ චාරයන්ට අනුව ප්‍රතිඵල වෙනස් වන බව දැක්විය යුතුය. යම් විටෙක දුර්වල ග්‍රහ බලයක් නිසා සිදුවන තත්ත්වය වෙනස් කිරීමට නම් ජන්මියාගේ ආධ්‍යාත්මය වර්ධනය කරගැනීමෙන් හැකි වන බව කිව යුතුය. තම සිතුවිලි මතින් ගොඩනඟා ගන්නා ධනාත්මක බව නිසා යටි සිතේ ඇතිවන දිව්‍යමය බලය තුළින් ඕනෑම අපලයක් අවම කරගැනීමට හැකියාව ඇත. ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය සහ ඉලක්කයක් ඇත්නම් එයින් යටි සිත මඟින් නිර්මාණය වන විශ්වසනීය බව නිසාම කටයුතු සාර්ථක වීමට මඟ පෑදෙනු නියතය.
එසේම අප පෙර කළ කුසල් අකුසල් අනුව මේ ආත්මයේ ලබා ඇති තත්ත්වය පෙන්වන කැඩපත වන ජේයාතිෂය අනුව නොවෙනස් වන ග්‍රහ චාරයන් ඇති බව සිතට ගතයුතුය. තම ආගමට අනුව යහපත් බව ගොඩනඟා ගැනීමෙන් එම දුර්වල තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකියාව ඇත.
මෙහි දක්වා ඇත්තේ මේ වසර ආරම්භයේදී ග්‍රහ ගෝචරයේදී සිදුවන ග්‍රහ බලපෑම්ය.
මේෂ
ඔබේ ලග්නයට අනුව ග්‍රහ ගෝචර ගමනේදී පස්වැන්න සහ නවවැන්න පිරිසුදුව තිබීම උසස් අධ්‍යාපනය පිළිබඳ පෙන්නුම් කරන ලක්ෂණයකි. මේෂ ලග්නයේ පස්වැන්න වන සිංහයට අධිපති රවි ග්‍රහයා නව වැන්නේ ගමන් කිරීම සුබ පල උදාකරන පිහිටීමකි. ජන්මියා උගත් ඥානවන්ත අයකු වන්නේ බුධගේද සහයෝගය මතය. රවි බුධ නවවැන්නට අසුබ වුවද භාග්‍යස්ථානයේ වන නිසා යම් තරමක සැනසිල්ලක් වනු ඇත. නවවැන්නාධිපති ගුරු දෙවැන්න වූ වෘෂභයට සුබයකු වී උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර විභාග ජය ලබාදීමට කටයුතු කරනු ඇත. දක්ෂ කථිකයකු මෙන්ම නීතිඥ වෘත්තිය පිළිබඳ ඉහළ තත්ත්වයක් ලබාදේ. එසේම සඳු ස්වක්ෂේත්රව හතර වැන්නයේ, කටකයේ ගමන් කිරීම ජන්මියාට සුබ පල උදාකරයි.
වෘෂභ
ගුරු, ශුක්‍ර කේන්ද්‍රස්ථාන ගතවෙමින් දර්ශනවාදී බුද්ධිමතකු බිහිකිරීමට වෘෂභ ලග්නයට හැකිවී ඇත. නවවැන්නාධිපති හයවැන්නේ බලවත්ව ගමන් කිරීමෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට හැකි ශක්තිය ලබාදී ඇත. තුලාවේ සිටින ශනිට රාහුගේ බලය එක්වී අධ්‍යාපනයට බාධා එල්ල කළද තුන්වැන්නේ බලවත් සඳු සහ සුබයකු වූ පස්වැන්නාධිපතිගේ ශක්තිය ජන්මියාට ලැබෙනු ඇත. දැඩි ආත්ම ශක්තියක් ඇති වෘෂභ ලග්න හිමියා ජයග්‍රහණය හැමවිටම ප්‍රාර්ථනා කරන නිසා මනස පුරවන ධෛර්යය ඇතිකර ගැනීමෙන් අපල උපද්‍රව අවම කරගත හැකි වේ. නවවැන්නේ ගමන් කරන කුජගේ වේගවත් බව නිසා සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරු වීම කළ යුතුය. තමන්ට හැකිය යන සිතිවිල්ල ඇතිකරගෙන නොබියව විභාගවලට මුහුණ දෙන්න. එවිට ජයග්‍රහණය නිරතුරුවම ලැබෙනු ඇත.
මිථුන
නවවැන්නාධිපති සෙනසුරු පස්වැන්නේ උච්ච බලයෙන් යුතුව සිටීම උසස් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට හැකි වාතාවරණයක් සකස් කරදී ඇත. එකළොස්වැන්නේ ගමන් කරන කේතු ග්‍රහයාද පොත පත කෙරෙහි ජන්මියා යොමු කරයි. නමුත් වරින් වර එල්ල වන රාහුගේ බාධාවන් නිසාත් ගුරු ෙදාළොස්වැන්නේ සිට අසුබයකු ලෙස ගමන් කිරීමත් නිසා ජන්මියාට ආධ්‍යාත්මික ශක්තිය ගොඩනඟා ගැනීම සිදුවනු ඇත. ලග්නාධිපති බුධටද හත්වැන්න වූ බාධකස්ථානය දුර්වලකර ඇත. මිථුන ලග්න හිමියා එකම කටයුත්තක නොසිට වෙනස්වන නිසා දැඩි සැලසුමකට අනුව කටයුතු කිරීම ආරම්භ කළ යුතු වේ. පස්වැන්නාධිපති ශුක්‍ර හයවැන්නට අසුබ නිසා සිදුවන අතපසුවීම් බුද්ධිමත්ව පාලනය කරගත යුතුය. බුධ අපලයට විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් මලින් පුද පූජා පවත්වන්න. ඔබේ මතක ශක්තිය එයින් වර්ධනය කරවාගත හැකිය.
කටක
කටක ලග්න හිමියා දැඩි අහිංසකයකු කරමින් චන්ද්‍රයා ලග්නයේ ගමන් කරයි. පාපී කුජගේ බැල්ම ලබන සඳු ඔබව රෝගී කිරීමට මාන බලන නිසා අධ්‍යාපන කටයුතුවලට හානි සිදුවිය හැකිය. රාහු හත්වැන්නේ සිට නුවණට බාධා ඇතිකරමින් සිටියද නවවැන්න වන භාග්‍යස්ථානාධිපති ගුරු සුබයකුව එකොළොස් වැන්නේ සිටිමින් උසස් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට ශක්තිය ලබාදෙනු ඇත. ඔබට බුද්ධිමත් මිතුරන්ද හමුවනු ඇත. දුර දිග නොබලා කටයුතු කිරීමෙන් වැඩ අතපසුවීම් වළක්වාගත යුතුය. පස්වැන්නාධිපති කුජ හත්වැන්නේ මකරයේ කේන්ද්‍රගතව ගමන් කිරීම නිසා බලවත් වූ රුචක පුරුෂ රාජ යෝගය යෙදී ඇත. එයින් බාධක මැද හෝ විභාගය ජය ගැනීමට හැකියාව ලැබේ. විශ්වාසය ඇත්නම් කිසිවක් කිරීමට අපහසු නොවන බව සිතට ගත යුතුයි. යටිසිත මඟින් සාර්ථක වන ඔබේ මනසට කිසිදාක වරදින්නේ නැත.
සිංහ
අධ්‍යාපනය ශක්තිමත් කරන බුද්ධිය ලබාදෙන බුද-ගුරු බලවත්ව පහ, දහය ස්ථානවල ගමන් කරමින් ඉගෙනීමට මෙන්ම විභාග කටයුතුවලටද වෘත්තීය අධ්‍යාපනයටද මහා ශක්තියක් නිර්මාණයකර ඇත. නීති අධ්‍යාපනයට බලවත් පිහිටීමකි. එසේම ගුරු ශුක්‍ර කේන්ද්‍රස්ථාන ගතව සිටීම දර්ශනවාදී අදහස් ඇතිකිරීමට සමත් වේ. පොත පතට අධිපති කේතු නවවැන්නේ ගමන් කරමින් ජන්මියාට උසස් අධ්‍යාපනය ලැබීමටද එයින් සාර්ථක ප්‍රතිඵල ගැනීමටද වාසනාව ලබා දී ඇත. එසේම රවි, බුධ පස්වැන්නේ වීමද, අනිවාර්යයෙන්ම ජන්මියා බුද්ධිමතකු කරයි. නව වැන්නාධිපති කුජ හයවැන්නේ ගමන් කරමින් අධ්‍යාපනයට වරින් වර කඩාකප්පල්කාරී කටයුතු සිදුකළද සඳු ෙදාළොස්වැන්නේ සිටීම නිසා ගුප්ත ශාස්ත්‍ර කෙරෙහිද කලා කටයුතු කෙරෙහිද නැඹුරු කරවනු ලබයි. ආගමට ලැදි විශිෂ්ට ජීවිතයක් ගතකිරීමෙන් අභිමානවත් පෞරුෂයක් මෙන්ම අසීමිත බලයක්ද ගොඩනඟාගත හැකි බව සිතන්න.
කන්‍යා
ඉතා යහපත් වූ ග්‍රහ චාරයකි. ලග්නාධිපති බුධ හතරවැන්නේය. රාජ්‍ය උපදේශකයකුගේ තත්ත්වයට අධ්‍යාපනය ලැබිය හැකිය. එසේම දර්ශනවාදියකුද වේ. නවවැන්නාධිපති ශුක්‍ර තුන්වැන්නේ වීම ඥානය ලබා දී උසස් අධ්‍යාපනයට මෙන්ම විදේශ අධ්‍යාපනයටද වාසනාව ලබා දී ඇත. ස්ථිර වූ ගති ඇති ආධ්‍යාත්මිකව උසස් බුද්ධිමතකු නිර්මාණය කරයි. පස්වැන්නාධිපති දෙවැන්නේ බලවත්ව සිටියද රාහු විසින් ආමාශගත රෝග ඇතිකරමින් අධ්‍යාපනයට අවුල් ඇතිකළත් ඥානයට අධිපති බුධ ඕනෑම ශාස්ත්‍රයක් හොඳින් ඉගෙනීමේ ශක්තිය උදාකරනු ඇත. මේ වසර ඔබගේ ඥාන ශක්තිය වර්ධනයකර විභාග සමත්කර උසස් අධ්‍යාපනය ඉහළින්ම කරගත හැකි වසරකි. මානසික ශක්තිය සහ තමාට හැකිය යන සිතිවිල්ල මත විශ්වාසය ගොඩනඟා ගන්න. ඔබ නිතැතින්ම ජයග්‍රාහී ඉහළ පුරවැසියකු වනු නියතය.
තුලා
සිකුරුගේ අධිපතිත්වයෙන් යුතු තුලා, රාශිය යහපත් වූ ශීලාචාර වූ පරෝපකාරයෙහි නියැළුණා වූ අය නිර්මාණය කරන රාශියකි. චිත්‍ර ශිල්පය ඇතුළු කලා කෞෂල්‍යයන්ගෙන් පිරුණු විශිෂ්ටයන් මේ අතර ඇත. තුන්වැන්නේ රවි බුධ යහපත්ව සිටිමින් පස්වැන්නාධිපති කුජ ලග්නයේ බලවත්ව සිටීමත් නිසා කුමන බාධක පැමිණියත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබී ඇත. නවවැන්නාධිපති බුධ තුන්වැන්නේ ගමන් කරමින් සියලු කටයුතුවලදී පෙරමුණ ගැනීමට හැකි ශක්තිය ලබාදී ඇත. ඔබ ඔබ තුළින් ඉවත්වන්න. වෙනත් කෙනකු ලෙස ඔබ දෙස බලන්න. එවිට ඔබේ අඩුපාඩු පෙනෙනු ඇත. ඒ අනුව අවශ්‍ය පරිදි මනස සකස් කරගන්න. එයින් පස්වැන්නාධිපති ලග්නයේ සිට ඇති කරන ආත්මාර්ථකාමී බව ඉවත් කරගත හැකිය. ඔබ උගතකු වේවි.
වෘශ්චික
පස්වැන්නාධිපති හත්වැන්නේ කේන්ද්‍රගත වීම සුබ බලයක් නිර්මාණයකර ඇත. එසේම සිකුරුද බලවත්ව ලග්නයේ සිටීම නිසා කලා විද්‍යා අංශවල අධ්‍යාපනයේ යෙදෙන අයට සුබ පලම ලබා දේ. නවවැන්නාධිපති සඳු තම ස්ථානයේම ස්වක්ෂේත්රව සිටීම නිසා සතුටින් කටයුතු කිරීමටත් ගුණවත් සහ ධාර්මික වී කටයුතු කිරීමටත් හැකිවී ඇත. රාහු ෙදාළොස්වැන්නේ සිට යම් යම් බාධා ඇතිකළත් අධිෂ්ඨානය ඇතිව ධෛර්යවත් වීමෙන් අධ්‍යාපනය නංවා ගත හැකිය. ලග්නාධිපති තුන්වැන්නේ ගමන් කිරීම නිසා මේ වසර ඔබට කියවීම ලිවීම පිළිබඳ සතුටුදායක තත්ත්වයක් ඇතිකරනු ඇත. කිසි විටෙකත් ඔබව පරාජය කළ නොහැකි බැව් විශ්වාස කරන්න. සෘණාත්මක සිතිවිලිවලින් මිදෙන්න. ඔබේ ආධ්‍යාත්මික බව වර්ධනය කරගන්න. ඔබව උසස් අධ්‍යාපනයක් කරා ගෙන යන පරිසරයක් සකස්වනු නියතය.
ධනු
නව වැන්නාධිපති රවි, බුධ සමඟ ලග්නගතව ගමන් කිරීම ඉගෙනීමේ ශක්තිය ලබාදෙන පිහිටීමකි. ඔබට ගණිතය හෝ කාර්මික අධ්‍යාපනය කෙරෙහි උසස් දැනුමක් ලැබිය හැකිය. නමුත් කටයුතු අතපසුවීමට හේතුවන කරුණු නිසා පසුතැවිලි නොවී බුද්ධිමත්ව කටයුතු කරන්න. පස්වැන්නාධිපති කුජ දෙවැන්නට දුබල පිහිටීමකි. සියලු කටයුතු අවුල් කිරීමට මාන බලනු ඇත. සඳුද, අටවැන්නේ සිට අසුබ තත්ත්වයක් ඇතිකළත් ඔබේ මනස පිරිසුදුව තබාගනිමින් ධනාත්මක සිතිවිලි වර්ධනය කරගැනීමෙන් අධ්‍යාපනය යහපත් කරගත හැකිය. ගුරු හයවැන්නේ සිට ඔබව අලස කිරීමට උත්සාහ කළත් කේතු පස්වැන්නේ සිට ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරනු ඇත. ඔබ හුදෙකලාව සිට ඉගෙනීමට ප්‍රිය කරන අයෙකි.
ඔබට වේගයෙන් යෑමට අවශ්‍ය නම් සන්සුන් වන්න. කලබල ගතිය අඩුකර ගැනීමෙන් ඕනෑම තරගයකින් ජයගත හැකි බව සිතන්න.
මකර
ඥානකාරක ගුරු පස්වැන්නේ ගමන් කරමින් මකර ලග්න හිමියාට ඉතා සුබ ඵල ඇතිකරවයි. ශුක්‍ර වෘශ්චිකය වන එකොළොස් වැන්නේ සිට ගුරුට දෘෂ්ටිය හෙළමින් ජන්මියා අධ්‍යාපනයේ උසස්ම තත්ත්වයකට ගෙන එනු ඇත. නවවැන්නාධිපති බුද ෙදාළොස් වැන්නේ අසුබයකු වීම නිසා මතක තබා ගැනීමේ ශක්තියට යම් ගැටලු ඇතිකළත් ඔබ කුමක් හෝ විෂයකට හෝ ක්ෂේත්රයකට ඉතා දක්ෂතාවක් දක්වන බව පෙන්නුම් කරයි. රාහු ශනි දස වැන්නේ ගමන් කිරීම එතරම් සුබ නැත. ඔබ දැඩි ආවේගකාරී වීම නිසා එයද අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇතිකරයි. එම දුර්වලතාව මඟහරවා ගතහොත් ඔබ සමාජයේ ඉහළ තත්ත්වයක් ලබාගනු නියතය. සාර්ථකත්වය පිළිබඳ මානසික චිත්‍රයක් ඔබේ සිතේ ඇඳගන්න. ඔබේ ඉලක්කය තීරණය කරන්න. ඔබව නිරායාසයෙන්ම එතැනට ගෙන යාවි.
කුම්භ
ඔබේ ලග්නයට අනුව ඔබේ අධ්‍යාපනය කෙරෙහි බාධා පමුණුවන්නේ නවවැන්නේ ගමන් කරන රාහු ග්‍රහයාය. තුලාවේ බලවත් ලෙස ගමන් කරන රාහු ජන්මියාගේ මතකය අවුල් කරන්නට උත්සාහ ගනී. නමුත් නවවැන්නාධිපති සිකුරු දසවැන්නේ සිටිමින් උගත්කම ලැබෙන ග්‍රහ චාරයක් නිර්මාණය කර ඇත. නායකත්වය ලැබෙන සේවාවකට සුදුසු අධ්‍යාපනයක් ලබා දෙනු ඇත. පස්වැන්නාධිපති බුධ සුබයෙක් වී බලවත් රවි සමඟ ධනුව වන එකොළොස්වැන්නේ සිටිමින් ජන්මියා යම් ක්ෂේත්රයකින් උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමට නියමිතය. ඔබ සමාජයේ ප්‍රිය කරන බුද්ධිමත් අයකු වනු ඇත. ලග්නාධිපති ශනි නව වැන්නේ වීම නිසා උසස් අධ්‍යාපනය විදේශගතව කිරීමට අවකාශය ලබා දී ඇත. තමන්ගේ වුවමනාවෙන්ම අධ්‍යාපන කටයුතු කරගනී. ආත්ම විශ්වාසය තදබල ලෙස ඇතිකරගන්න. එවිට ඔබ තුළ අමුතු ශක්තියක් ඇති වේවි. එවිට ඔබ ප්රාණවත්ය, කඩිසරය.
මීන
ඔබ රසායන විද්‍යාව හදාරන්නකු නම් ඉතා යහපත් ග්‍රහ චාරයකි. ඒ හතරවැන්නාධිපති බුධ දසවැන්නේ සිටීම නිසාය. රවි, බුධ කේන්ද්‍රස්ථානගත වීම බලවත්ය. ලේඛන කටයුතුවලට ඔබව යොමුකරයි. දෙවැන්නාධිපති ශුක්‍ර නවවැන්නේ ගමන් කිරීම නිසා ඔබ උගතකු වනු බවට නිමිත්තකි. ඔබට උසස් රැකියාවක් ලැබේ. සඳු ස්වක්ෂේත්රව පස්වැන්නේ ගමන් කරමින් ඔබව ඥානවන්තයකු කර ඇත. එසේම සාර්ථක අයෙකි.
නවවැන්නාධිපති කුජ එකොළොස්වැන්නේ ගමන් කිරීම මේ වසරේ ඔබට උසස් අධ්‍යාපනයේ වාසනාව ශක්තිය ඇති බව පෙන්වයි. ප්‍රේම සබඳතා නිසා ඔබේ ඉගෙනීමට බාධාවන් එල්ල විය හැකිය. පරිස්සම් වන්න. ඔබේ උපන් කේන්ද්‍රයට අනුව බුධ බලවත්ව සිටී නම් ඔබ රටේ ජනප්‍රියතම බුද්ධිමතකු වනු නියතය. රාහු ශනි අටවැන්නේ සිට ඔබට උපද්‍රව ඇතිකිරීමට මාන බලන නිසා පරිස්සම් විය යුතුය. ඔබට දැඩි සේ ආධ්‍යාත්මික ඥානය සහ උසස් මානසික තත්ත්වයක් ගෙඩනඟා ගත හැකිනම් අපල අවම කරගත හැකිය.
උපුටා
ගැනීම -මව්බිම