අපි සියලුදෙනාම සමූලඝාතනයට මර්වින්ගේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 35යි - Prasanna Ranaweera

 ඝාතකයින් පාපොච්චාරණය කරලා !

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 35ක කොන්ත්‍රාතුවකට අපි සියලුදෙනාම සමූලඝාතනය කිරීමට සැලසුම් කර තිබු බව හසිත මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතකයින් විසින් පාපොච්චාරණය කර ඇතැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පවසයි.
කැලණියේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වුවේය.
පුද්ගලික ආරවුලක් මත මන්ත්‍රීවරුන් සියලුදෙනා සමූලඝාතනය කිරීමට අවශ්‍ය නැති බවද එසේ නම් වෙඩි තබා මැරිය යුත්තේ තමා බවද ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේය.


පොල් ගහේ ප්‍රශ්නය හා අම්මාට බැන්නා යැයි කියන ප්‍රශ්නය මත මෙවැනි සමූලඝාතන සැලසුමක් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු පෙන්වාදුන්නේය.ඒ අනුව පැහැදිළි වන්නේ අමාත්‍ය මර්වින් සිල්වා‍ මහතාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 35ක මුදලකට සියලුදෙනා සමූලඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව යන්න ඔහු අවධාරණය කළේය.අද වන විට කැලණිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මහජන හමුවක් හෝ මහා සභාව පැවැත්වීමට පවා බියෙන් සිටින බව ප්‍රසන්න රණවීර මහතා පෙන්වාදුන්නේය.

කෙසේ වුව ද අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් බවත් එසේම සියලුදෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී කියා සිටියේය.

තමාට දැන් ආරක්ෂාවදී ඇතිමුත් සෙසු මන්ත්‍රීවරුන්ට ද ආරක්ෂාව ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු පැවසුවේය.කෙසේ වෙතත් මෙම සිද්ධියේ සැබෑ පුද්ගලයා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා නිදහසේ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගන්නා තුරු තම ජීවිතවලට තර්ජන තිබෙන බවත් ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේය.

ආසන සංවිධායකවරයා ඉවත් කළා යැයි කියා සතුටු නොවන බවද කාගේවත් පලිගැනීමේ චේතනාවක් නැති බවද ඔහු පැවසුවේය.සියලුදෙනාම එක්සිත්ව කටයුතු කර කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ධජය ඉහළට ඔසවන්න සුදානම් බවත් ඒ සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා හැර ඕනෑම ආසන සංවිධායකවරයෙක් සමග වැඩ කිරීමට සුදානම් බවත් ඔහු කියා සිටියේය.වසර ගණනකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීමක්, ශාකා සමිති කැඳවා නැතැයිද පැවසු ප්‍රසන්න රණවීර මහතා මෙම සිද්ධියේදී මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා දැක්වු සහයට බෙහෙවින් ස්තූතී වන බවද වැඩිදුරටත් පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive