පොලිසියේ රඳවා ගැනීම පැය 48 කිරීම ගැන එජාපය සහ ජවිපෙ එක තැනක

පරාධ නඩු විධාන සංග‍්‍රහයට ආණ්ඩුව ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවේ දී අනුමත වීම වැලැක්වීමට නොහැකි වුවද ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් පාර්ලිමේන්තුවෙන් පිටත සටනක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීද මෙම සංශෝධනයන්ට එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධය පල කළ බවයි.



පවතින නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු පොලිස් භාරයේ තබා ගත හැකි වන්නේ පැය 24ක් පමණයි. එය පැය 48ක් දක්වා දීර්ඝ කිරීම නව සංශෝධනය මගින් සිදු කෙරෙනවා. ආණ්ඩුවට එරෙහි විරෝධතා මර්දනයට මෙම සංශෝධනයන් ගෙන එන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ.

මෙමඟින් සිදුවන්නේ ජනතාව පීඩාවට පත්වීම පමණක් බව අජිත් පී පෙරේරා මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.

Gossip Lanka Hot News Previous News Archive