අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 77 න් සම්මත විය.එකී යෝජනාවට පක්ෂව ඡන්ද 110 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 33 ක් පමණයි.යෝජනාවට පක්ෂව ආණ්ඩුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදී තිබේ.
විපක්ෂව ඡන්දය භාවිතාකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානයයිඅධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා ඉදිරිපත් කරන ලදී.විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමට එම සංශෝධනය මගින් පොලීසියට බලය පැවරීම මෙම පනතේ අරමුණ වේ.කෙසේ වෙතත් මෙම පනතට විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කරන ලදී.