ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි තරගය වර්ෂාවට යටවෙයි - 4Th ODI at Sydney Abandoned

දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර අද (20) ආරම්භ වු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට මීට ටික වේලාවකට පෙර විනිසුරුවන් තීරණය කර තිබේ.ලකුණු 223 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3.2කදී ලකුණු 14ක් ලබා සිටියදී ඇති වු වර්ෂාවත් සමග පැය 2ක පමණ කාලයක් ගතවන තෙක් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ අනුව විනිසුරුවන් තීරණය කළේ මෙම තරගය අතහැර දැමීමටය.ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකිවීම නිසා ඇතැම් ස්ථානවල තෙත සහිත ස්වභාවයක් තිබීම මීට හේතුවී ඇතැයි සඳහන්ය.කෙසේ ‍හෝ ඔස්ට්‍රේලියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් ‍වු මෙම තරගය දෙස ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින්ගේ අවධානය යොමුව තිබුණි.


ඒ මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ට්‍රේලියාව විදෙස් රටක් හමුවේ එක්දින තරගාවලි 2ක් පරාජයවීම නිසාය.එහෙත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තු වුයේ තම ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එම අවස්ථාව ලබානොදෙනු ඇති බවයි.කෙසේ හෝ තරගයට වර්ෂාව හරස්වීම නිසා සිඩ්නි ක්‍රීඩාංගණයට රැස්වු ක්‍රීඩා ලෝලින් ද මහත් කණගාටුවෙන් ක්‍රීඩාපි‍ටියෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබිණ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 30ට කඩුලු 3ක් බිඳ හෙළන ලදී.

දෙරට අතර අවසන් එක්දින තරගය ලබන 23 වැනිදින හෝබාර්ට් හිදී පැවැත්වීමට නියමිතය.මෙම වාතාවරණය යටතේ එම තරගය දෙපිලටම තීරණාත්මක තරගය වනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive