අලුත් වසරේ කසාද බදින්න රුපියල් 5000 ක් ඕනේ !

නව වසර උදාවත් සමඟ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,000කින් වැඩිකර තිබේ. මේ අනුව විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලවලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රුපියල් 5,000ක් අයකරන බව විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල් ඊ.එම්. ගුණසේකර මහතා පවසයි.

මෙසේ අය කරන රුපියල් 5,000ක මුදලින් රුපියල් 3,500ක් රජයටත් 1,500ක් රෙජිස්ට්‍රාර්වරයාටත් හිමිවෙයි. රෙජිස්ට්‍රාර් කාර්යාලයකදී විවාහයක් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් අය කළ රුපියල් 1,000ක මුදල එසේම පවතින අතර මෙම වැඩි කිරීම සිදුකර ඇත්තේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත උත්සව ශාලා, නිවාස, හෝටල් ආදී ස්ථානවල කරන විවාහ ලියාපදිංචි කිරීම් සඳහාය.


මෙම නව අය කිරීම මුදල් අමාත්‍යංශයේ තීරණයක් අනුව සිදුවන්නක් බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පවසයි.
දිවයින පුරා දිනකට විවාහ 500ක් පමණ ලියාපදිංචිය සිදුවන අතර 2011 වසරේ ලියාපදිංචි වී ඇති විවාහ සංඛ්‍යාව 1,82,000ක් පමණ වෙයි. මින් 30%ක් පමණ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත සිදුවන ලියාපදිංචි කිරීම්ය.

Gossip Lanka Hot News Previous News Archive