ගිනි කෙළි සැණකෙළිය 61ක් බිලි ගනියි

අයිවරි කෝස්ට්හි අලුත් අවුරුදු උදාව සමරමින් පැවැත්වූ ගිනි කෙළි සංදර්ශනයකදී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා 61 දෙනකු මියගොස් තිබේ. එම පිරිසෙන් වැඩිදෙනා වයස අවුරුදු 15ට අඩු ළමයින් වේ. අයිවරි කෝස්ට්හි අබිජාන්හි ක්‍රීඩාංගණයක මේ සිද්ධිය වාර්තා වී ඇත.

කුඩා වීදියක් දිගේ විශාල ජන පිරිසක් කලබලකාරී ලෙස ගමන් කිරීමේදී මේ අනතුර වී යැයි පැවැසේ. එරට ජනාධිපති ඇලසෙන් ඔවුවාටාරා මෙය ජාතික මට්ටමේ ශෝකජනක සිද්ධියක් යැයි පවසා දින 3ක ශෝක කාලයක් නිවේදනයකොට තිබේ. 65,000කට රැඳී සිටිය හැකි ෆෙලික්ස් හොවුෆොයෙට් බොයිග්නි ක්‍රීඩාංගණයේදී මේ අනතුර සිදුවිය.


පිහිවලින් සන්නද්ධව පැමිණි තරුණ පිරිසක් සෙනඟ අතර ගැවැසෙමින් ජංගම දුරකතන මංකොල්ලකෑමට තැත් කිරීමක් මේ කලබලයට මුලපුරා තිබේ. තවත් පිරිසක් පවසන්නේ මේ අවස්ථාවේ පිරිස හැසිරවීමේ නිරතවූ ආරක්‍ෂක භටයන් නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවී තෙරපීම ආරම්භ වූ බවයි. එරට ප්‍රධාන නගරයේ පිහිටි රෝහල් 2ක සිටි තුවාල ලැබූවන් බැලීමට ජනාධිපතිවරයාද ගියේය.



 

Gossip Lanka Hot News Previous News Archive