7 වැනි දැයට කිරුළට කෝටි 6000ක්. " Deyata kirula 2013 "

දැයට කිරුළ 7 අම්පාරේ දී 


දැයට කිරුළ 07 වැනි ජාතික සංවර්ධන ප්‍රදර්ශනය මෙවර අම්පාර හාඩි උසස් තාක්ෂණ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.එය ලබන මස 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමිව ආරම්භ කිරීමට නියමිතය.07 වැනි වරට සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය පෙබ. 04 වැනිදා සිට පෙබ. 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් අද (08) පෙරුව‍වේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

ඒ අනුව මෙවර පොළොන්නරුව, ත්‍රීකුණාමලය, අම්පාර හා මඩකළපුව දිස්ත්‍රීක්කවල සංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 60,000 කි.ඉන් රුපියල් මිලියන 260ක් දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන අම්පාර හාඩි උසස් තාක්ෂණ පරිශ්‍රයේ සංවර්ධනයට යෙදවෙනු ඇත.


ඉහත සඳහන් දිස්ත්‍රීක්කවල සංවර්ධන කටයුතු සඳහා එකී මුදල් වැය කරන බව දැයට කිරුළ සංවිධාන කමිටුව පවසයි.06 වැනි දැයට කිරුළ ප්‍රදර්ශනය ඉකුත් වසරේදී අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ.

Gossip Lanka Hot News Previous News Archive