වසර 7 කට පසු පාකිස්‌තානය හමුවේ ඉන්දියාව පරදියි

සංචාරක පාකිස්‌තාන් කණ්‌ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 85 ක ජයක්‌ ලැබූ පාකිස්‌තානය තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට සමත් වූයේ තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීය.

පාකිස්‌තානය වසර හතකට පසුව ඉන්දියාවට එරෙහිව එක්‌දින තරගාවලියක්‌ ජය ගැනීම විශේෂත්වයක්‌ වන අතර මීට පෙර අවසන් වරට පාකිස්‌තානය විසින් ඉන්දියාව පරාජය කරන ලද්දේ 2004 වසරේදීය.

අදාළ පරාජය සම්බන්ධව අදහස්‌ පළ කර ඇති ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇත්තේ, "අපේ පිතිකරුවන් දැක්‌වූ පිතිප්‍රහාරය පිළිබඳව මම ගොඩක්‌ කණගාටු වෙනවා. විශේෂයෙන් මුල් පෙළ පිතිකරුවො පරාජයට වගකිව යුතුයි. යනුවෙනි.


තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ පාකිස්‌තාන් කණ්‌ඩායම ලකුණු 250 ක්‌ ලබා ගැනීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරු යුගල වූ මොහොමඩ් හµSස්‌ සහ නසීර් ජම්ෂෙඩ් පළමු කඩුල්ල සඳහා පන්දු 143 කදී ලකුණු 141 ක සබඳතාවක්‌ දායාද කිරීමට සමත් වුහ. එහිදී පිට පිටම ඉන්දියාවට එරෙහිව දෙවැනි ශතකයක ලැබූ නසීර් ජමේෂඩ් පන්දු 124 කදී හතරේ පහර 12 ක්‌ සහ හයේ පහර දෙකක්‌ සමග ලකුණු 106 ලබා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහුට අනගි සහයක්‌ ලබාදුන් මොහොමඩ් හµSස්‌ පන්දු 74 කදී හතරේ පහර හයක්‌ සමග ලකුණු 77 ක්‌ ලබා ගත්තේය.

ඉන්දියානු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාර්ග් ලකුණු 31 ක්‌ ලබාගත් අතර මහේන්ද්‍ර සිං දෝනි හුදකලා සටනක නිරත වෙමින් පන්දු 89 කදී හතරේ පහර 4 ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 54 ක්‌ ලැබීය.

ලකුණු තත්ත්වය

පාකිස්‌තානය පන්දුවාර 48.3 කදී සියල්ල දැවී ලකුණු 250 යි. (නසීර් ජම්ෂෙඩ් 106, මොහොමඩ් හµSස්‌ 77, ෂොයිබ් මලික්‌ 24, ඉෂාන්ත් ෂර්මා 34/3, රවීන්ද්‍ර ජඩේජා 41/3 යි.)

ඉන්දියාව පන්දුවාර 48 කදී සියල්ල දැවී ලකුණු 165 යි. (විරේන්ද්‍ර ෂෙවාර්ග් 31, මහේන්ද්‍ර සිං දෝනි 54, ජුනයිඩ් ඛාන් 39/3, උමාර් ගුල් 24/2, ෂයිඩ් අඡ්මාල් 20/3 යි.)

Gossip Lanka Hot News Previous News Archive