විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 5000ක් දක්වා වැඩිකර ඇතැයි පළ වන වාර්තා සියයට සියයක් නිවැරදි නොවන බව මාතලේ දිස්ත‍්‍රික් ලේකම් හෙලන් ඒ මීගස්මුල්ල මහත්මිය පවසනවා.
ඇය පැවසුවේ රුපියල් 5000ක් අය කෙරෙන්නේ ග‍්‍රාමීය රෙජිස්ටාර්වරයෙකු ඔහුගේ නිවසින් හෝ කාර්යාලයෙන් බැහැරව ගොස් විවාහයක් ලියාපදිංචි කිරීමේ දී පමණක් බවයි.
විවාහයක් සිදුකළ හැකි රාජ්‍ය නිලධාරීන් ද කිහිපදෙනෙකුම සිටින බව ඇය පෙන්වා දුන්නා.
මෙම නිලධාරීන් ද ඔවුන්ගේ කාර්යාලවල දී විවාහයක් ලියාපදිංචි කළ හොත් අය කෙරෙන්නේ රුපියල් 750ක් පමණක් බව ප‍්‍රකාශ කෙරුණා.
නෙත් පුවත්