ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් - Thirimanne guides Sri Lanka to 8-wicket win

ඔස්ට්‍රේලියාව හමුවේ දිගින් දිගටම අමිහිරි පරාජයන් අත්විඳිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් ලබාදීමට ලහිරු තිරිමාන්න හා තිලකරත්න ඩිල්ෂාන් අද(13) සමත් විය.ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක ජයක් අත්කර දීමට ඔවුන් පෙරමුණ ගැනීම නිසාය.

තිරිමාන්න අද වාර්තා කළේ සිය මංගල එක්දින ශතකය වීමද මෙහි ඇති විශේෂත්වයයි.මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 170ට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.ඒ අනුව ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.1කදී ජයග්‍රහණය වාර්තා කළ අතර ඊට තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 51ක ඇතුළත්ය.


උපුල් තරංග එකදු ලකුණක් හෝ නොලබා තරගයේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන් දැවී ගියද දෙවන කඩුල්ල සඳහා ඩිල්ෂාන් හා තිරිමාන්න ලකුණු 137ක සබඳතාවක් පිහිටුවන ලදී.ජයග්‍රහණය තවත් ඉක්මන් කළ මංගල තරගයට සහභාගි වු කුෂල් ජනිත් පෙරේරා වේගවත් 6 පහරක් හා 4 පහරක් සමගින් නොදැවී ලකුණු 14ක් ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය නොදැවි ලකුණු 102ක් ලබාගත් ලහිරු තිරිමාන්නට හිමිවිය‍.

තරගය ඔස්ට්‍රේලියාවේ ඇඩි‍ෙල්ඩ් හිදී පැවැති අතර තරග 5කින් සමන්විත තරගාවලිය 1ට 1ක් ලෙස දෙපිලම ඉදිරියෙන් සිටියි








Gossip Lanka Hot News Previous News Archive