දිනකට වතුර වීදුරු 8ක් බී දොළොස් වරක් සිනාසෙන්න -සෞඛ්‍ය අමාත්‍යංශය

මානසික ආතතියෙන් මිදීම සඳහා සතුට උපදවන 'එන්ඩොපීන්' නම් හෝමෝනය ශරීරයේ වැඩිපුර නිපදවාගැනීම පිණිස දිනකට වතුර වීදුරු අටක්වත් පානය කිරීම හා ‍දොළොස් වතාවක්වත් හොඳින් සිනාසීම ඇතුළු සතුටුදායක කටයුතුවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

වත්මන් සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග තත්ත්වයක් වන මානසික ආතතිය දිගටම පැවැතීම හේතුවෙන් වෙනත් රෝග රැසක් වැලඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකය පෙන්වා දෙයි.


කෙනකු කෙරෙහි නොසන්සුන්තාවක් හෝ අපහසුවක් ඇතිකරන කවර හෝ සිදුවීමක් නිසා මානසික නොසන්සුන්තාවක් ඇතිවේ නම් මානසික ආතතිය හටගත හැකි යැයිද අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකය පෙන්වා දෙයි.

මානසික ආතතිය නිසා ශරීරයේ හෝමෝන නිපදවීමේ ක්‍රියාවලියට සිදුකෙරෙන බලපෑම හේතුවෙන් කෑම අරුචිය හෝ අධි රුචිය ඇතිවේ. එමෙන්ම උදරයේ වේදනාව, වමනය මලබද්ධය, පාචනය වැනි තත්ත්වයන්ද මානසික ආතතිය නිසා ඇතිවන අතර ලිංගික බෙලහීනත්වය, ස්ත්‍රීන්ගේ ආර්ථව චක්‍රය අක්‍රමවත් කරවන බවත්, පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම අඩුකරන බවත්, එය මඳසරු භාවයට හේතුවක් වන බවත්, මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

නිතර සිනහ මුහුණින් සිටීම නැතහොත් ‍ෙදාළොස් වාරයක්වත් හොඳින් සිනාසීම, තමාට ලැබී ඇති දේවල් ගැන සතුටුවීම, ශාරීරික ව්‍යායාම, භාවනාව, ගැඹුරින් හුස්ම ගැනීම, සංගීතයට සවන්දීම, ස්වභාවධර්මයේ සුන්දරත්වය රස විඳීම, පෝෂ්‍යදායී ආහාරපාන එළවළු, පලතුරු වැඩිපුර ආහාරයට ගැනීමද එන්ඩොපීන් හෝමෝනය වැඩිපුර නිපදවා ගතහැකි බවද වෛද්‍ය හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නීය.

Gossip Lanka Hot News Previous News Archive