අන්තර්ජාල අපරාධ 800%කින් වැඩිවෙලා

ෆේස් බුක් , ට්විටර් ආදී සමාජ ජාල වෙබ් අඩවි තුළින් ලොව පුරා රටවල සමාජීය තත්ත්වය සාධනීය ලෙස උඩුයටිකුරු කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ වන විට තත්ත්වය වඩා භයානක අන්තයකට ගමන් කරමින් සිටින බව ද බොරුවක් නොවේ. ගෙවුණු වසර 4 ක් වැනි කාලය තුළ අන්තර්ජාලයේ සමාජ ජාල අපරාධ 800% න් පිම්මේ ඉහළ ගොස් ඇති බව අලුත් ම දත්ත අනාවරණය කරයි.


අපවාදාත්මක පණිවිඩ එවීම්, චරිත ඝාතන, හා හිරිහැර ආදී කාරණාවල සිට තර්ජන, බියවැද්දීම් මෙන් ම පැහැරගැනීම් සඳහා ද දැන් දැන් වන විට ෆේස්බුක්වැනි සමාජ ජාල වෙබ් අඩවි පාදක කරගන්නා බව තහවුරුවී ඇත. එපමණක් නොව එහි සීග්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරයි. හෙළිදරව් කර ඇති දත්ත වලට අනුව 2008 වසරේ ලැබුණු පැමිණිලි 556 කි. එහෙත් පසුගිය වසරේ පමණක් සමාජ ජාල අපරාධ 4,908 ක් වාර්තා වී තිබේ. එයින් ඉකුත් වසරේ පුද්ගලයින් 653 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කළ බව සඳහන් ය.
ලැන්කැෂයර් පොලිස් ස්ථානය පවසන පරිදි ඔවුනට මරණීය තර්ජන පිළිබඳ සිදුවීම් 6ක් වාර්තා වී ඇති අතර ලිංගික අපරාධ අනේක ප්‍රමාණයක් වාර්තා වී සහ ඉහළ ගොස් තිබේ. සිවිල් නිදහස වෙනුවෙන් හඬ නගන ක්‍රියාධරයින් පෙන්වා දෙනු ලබන්නේ මෙම දත්ත මගින් ප්‍රකාශ වන්නේ පොලිසියේ නොහැකියාව බවයි. සැබවින්ම අන්තර්ජාල මගින් සිදුකෙරෙන අපරාධ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී පොලිසියේ උදාසීනත්වය හා නොහැකියාව මැනවින් පිළිඹිබුවන බව සත්‍යයකි.

“පොලිසියේ නොහැකියාව පිළිබඳ නරක පූර්වාදර්ශයක් මෙයින් ලැබෙනවා”සිවිල් නිදහස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නික් පිකිල්ස් පවසයි.

“අත්අඩංගුවට ගනු ලැබූ බොහෝ අයගේ කතා කිරීමේ නිදහස උල්ලංඝනය වී තිබෙනවා. ඒ අයට නිසි මඟ පෙන්වීමක් කොට මෙම ප්‍රශ්නය අඩු කළ යුතුයි. සිය ගණනක් මිනිසුන් ඔවුන්ගේ විවේක කාලයේ අපරාධ වාර්තා තබා තියෙනවා. එය පොලිසිය විසින් කළ යුතු දේට වඩා දුරස්ථයි. කථන අපරාධ ඇතුළත් නීතිය මුළුමනින්ම අලුත්කිරීම සඳහා නීති ගෙන ආ යුතුයි.”

හෙතෙම පෙන්වාදෙයි.

“මෙකී මහත්මා ගතියෙන් යුතු පීඩාව මැඩ පැවැත්වීමට ප්‍රමුඛත්වය දිය යුතුවා සේම ප්‍රකාශනයේ නිදහස නොවැළැක්වීමට උත්සාහ ගත යුතුයි”

ප්‍රධාන පොලිස් නිලධාරීන්ගේ සංවිධානයේ ප්‍රධානි, ඇන්ඩි ට්‍රොටර් පවසයි. පෝල් චැම්බර් නමැති අයකු ,දකුණු යෝක්ෂයර් ප්‍රාන්තයේ “රොබින්හුඩ් ගුවන්තොටුපළ” වසා ඇති බවටත්, එයින් තමන් අපහසුතාවට පත්වුණු බවටත් සිය ගිණුමෙන් ට්විටර් ජාලයට විනෝදාත්මක පණිවිඩයක් මුදාහැර තිබේ. 2010 වසරේ දිනක සිදුව ඇති මෙම සිදුවීමෙන් ඔහු හා අන්තර්ජාලයෙන් සබඳතා ගොඩනඟාගෙන සිටි බොහෝ පිරිසක් අපහසුතාවට මුහුණ දුන් බව වාර්තා විය.

ගුවන් තොටුපළ බලධාරීන් මෙය දැක ඇත්තේ දින 5 ට පසුවය. කෙසේ වෙතත් පසුව අත්අඩංගුවට ගනු ලැබූ චැම්බර්ට මහාධිකරණය විසින් දඬුවම් කර තිබේ.මෙම සිදුවීමෙන් පසුව කිරීට පැමිණිලි සේවය (Crown Prosecution Service) විසින් ‘සමාජ ජාල අපරාධ අර්ථ දැක්වීම” සඳහා පොලිසියට ප්‍රබල අඩිතාලමක් සපයන ලද බව කියැවෙයි.

ජන අභිචෝදන අධ්‍යක්ෂ කීර් ස්ටාමෙර් නිවේදනයක් නිකුත් කරමින් අහිතකර පණිවිඩ සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ නව උපදේශන ක්‍රියා මාර්ග පෙන්වාදී තිබේ.ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක චෙඩ් එවන්ස්ගෙන් දූෂණය වූ බව කියන කාන්තාවකට වන්දි ගෙවන ලෙස ට්විටර් හෝ ෆේස්බුක් හරහා ඇයට අපහාස කළ නව දෙනකුට අධිකරණය විසින් නියෝග කර ඇත. එකී සිදුවීමද ඇතුළුව මහා පරිමාණ සිදුවීම් ගණනාවක් ඉමහත් ආන්දෝලනයට තුඩුදෙමින් මේවන විට ජාත්‍යන්තර ලෝකය තුළ සැරිසරයි.

“සමාජ ජාල වෙබ් අඩවි පොලිසියට සැබෑ අභියෝගයක්”කීර් ස්ටාමෙර් වැඩිදුරටත් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive