අවරුදු 9ක පාකිස්ථාන දැරියක් පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරති

අවුරුදු 9ක් වයසැති පාකිස්ථාන දැරියක් පැහැරගෙන ගොස් සමූහ දුෂණයට ලක් කිරීමෙන් පසු බරපතල තත්වයෙන් රෝහල් ගතකර ඇත. ඇයගේ මව විසින් දුෂකයන් නම් කර ඇතත් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති බව වාර්තා වේ. බදාදා වූ සිද්ධියෙන් රුධිර වහනය හා අභ්‍යන්තර තුවාල නිසා බවාල්පූර් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව බව වෛද්‍යවරු උපුටා දක්වමින් එක්ස්ප‍්‍රස් ටි‍්‍රබියුන් වාර්තා කරයි.

පොලීසිය මෙම සිද්ධිය ගැන අපරාධ චෝදනා ගෙනුකර ඇතත් තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. දැරියගේ මව කියා ඇත්තේ නිලධාරීන්ට කියා තිබුනොත් මරා දමන බවට දුෂකයන් තර්ජනය කල නිසා පැමිණිලි කිරීමට බියවූ බවයි. පොලිස් ප‍්‍රධානී ඉර්ෂාඞ් ජෝයියා ප‍්‍රකාශ කලේ අත්අඩංගුවට ගැනීමට නියෝග දී ඇතත් සැකකරුවන් අලිපූර් ගම්මානයට පලාගොස් ඇතැයි වාර්තා වන බවයි.


මිනිසෙක් හා කාන්තාවන් තිදෙනෙක් මන්සූරාබාද් හි ඇයගේ නිවස අසලදී පහර දී පැහැරගෙන ගිය බවත් එහිදී මිනිසුන් තිදෙනෙකු විසින් ඇය දුෂණය කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වේ. ඉන් පසුව දැරිය නිවස අසලට ගෙනවිත් දමන්නට ඇති අතර ලේ ගලමින් සිටි ඇය මවට හමුවී ඇත්තේ එහිදීය. ෂෙයික් සෙයාද් රෝහලට ප‍්‍රතිකාර සඳහා රැගෙනගොස් ඇත්තේ ඉන් අනතුරුවයි.

මේ සිද්ධිය සිදු වූයේ පාකිස්ථානයේ දකුණු සිනිද් පලාතේ 6 හැවිරිදි හින්දු දැරියක් පැහැර ගෙන ගොස් සමූහ දුෂණයට ලක් කිරීමෙන් සති කීපයකට පසුවයි. ඉන්දියාවේ සිදුවු 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතන සිද්ධියට සමපාත වන පරිදි මෙම පාකිස්ථාන සිද්්ධි දෙක ද සිදුවී ඇත.

 මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive