හිටපු අගවිනිසුරුවරිය ඉවත් කළේ අලුත් කඩේ අධිකරණය තමන්ගේ කඩයක් ලෙස පාවිච්චි කිරීමට ආණ්ඩුවට පැවති වුවමනාව නිසා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
හොර දෝෂාභියෝග නීති විරෝධීව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියා සිටියි.එසේම දෝෂාභියෝගයට එරෙහිව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කටයුතු කළ ජේ.සී වැලිඅමුණ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව හෙතෙම අවධාරණය කරයි.දෙසැම්බර් මස 10 වන දින නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත්වී මාදිවල ඩොල්ෆින් චන්දන හෙවත් වත්තෙ චන්දන නමැති අය මුදාහැරගෙන වැලිඅමුණ මහතා ඝාතනය කිරීම සඳහා යොදවා ඇතැයි කියවෙන බව ඔහු පෙන්වාදෙයි.
පසුගිය දිනවල ඩොල්ෆින් චමින්ද නමැති අය වැලිඅමුණ මහතාගේ නිවස ආශ්රිත ප්‍රදේශයේ සැරිසරා ඇති බව අනාවරණය වී ඇතැයි සමරවීර මහතා සඳහන් කරයි.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා සටන් කරන අයගේ ජීවිත ආරක්ෂා කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
පාර්ලිමේන්තුව, රටේ උත්තරීතර ආයතනයක් වුවද එහි උත්තරීතරත්වය ආණ්ඩුව විසින් කෙලෙසා ඇතැයිද, අධිකරණයේ උත්තරීතරත්වය පවා ගිලගෙන ඇතැයිද සමරවීර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
දෙරණ පුවත්