" Apophis" ඇස්ටරොයිඩය පෘථිවියේ ගැටෙන්නේ නෑ - NASA

වසර 2036 දී පෘථිවියේ ගැටිය හැකි බවට සැක සහිතව තිබූ ඇපොෆිස් (Apophis) ඇස්ටරොයිඩය පෘථිවියේ නොගැටෙන බව නසා ආයතනය සදහන් කර තිබේ.මීටර් 300ක් පලල ඇපොෆිස් ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 200,000 :1 බව මීට පෙර නසාහි විද්‍යාඥයන් සඳහන් කර තිබිණි.

මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන්ගත් ආසන්නම අවස්ථාවේදී (පසුගිය බදාදා) එය ගමන්කර ඇත්තේ පෘථිවියට හැතැප්ම මිලියන 09.3 ක් (කිලෝ මිටර් මිලියන 15ක්) ඈතින් බවද පැවසේ.වසර 2004 දී සොයාගත් මෙම ඇස්ටරොයිඩය මුලින් 2004 MN4m ‍ලෙස හැඳින්වුවද, පසුව එය පැරණි ඊජිප්තු හිරු දෙවියා වන රා දෙවිඳු ගේ සතුරෙකු වන ඇපෙප් ඇසුරෙන් ‍ඇපොෆිස් ලෙස නම් විය.


එකල විදෙස් වාර්තා වල සඳහන් වූයේ නේ ඇපොෆිස් 2029 දී පාථිවිය හා ගැටිය හැකි බවකි.

නාසා විද්‍යාඥයන්ට අනුව 2029 දී ගුරුත්ව සිදුරකින් ගමන් කිරීමෙන් මාර්ගය වෙනස් වී 2036 දක්වා කාලය දික්වී ඇති බව පැවසේ.

නාසා විද්‍යාඥයන්ගේ ගණනයකිරීම් වලට අනුව ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටුනොත් ටී.එන්.ටී.මෙගා ටොන් 510 ක් පිපිරුණු විට ඇතිවන ශක්තියක් නිකුත් වනු ඇති බවට විශ්වාස කෙරේ.

එය මෙතෙක් පිපිරුණු විශාලම හයිඩ‍්‍රජන් බෝම්බය මෙන් දස ගුණයකි.එසේම ආනතිය අනුව ගැටුමේ බලපෑම වෙනස් විය හැකි බවද පවසා තිබුණි.



-සබැදි පුවත්- 

 1.තව අවුරුදු 23 කින් ලෝකය විනාශවීමේ අවදානමක්

Gossip Lanka Hot News Previous News Archive