ඓතිහාසික තීන්දුව නිකුත්වේ .Appeals Court issues a writ of certiorari to quash PSC report

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝග යෝජනාව විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අභියාචනාධිකරණය අද (07) සර්ටියෝරාරි නියෝගයක් මගින් අහෝසි කර තිබේ.

අදාළ වාර්තාවට එරෙහිව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ පිළිබඳ දෙපාර්ශවයේ කරුණු විමසීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ලබාදෙන ලදී.


පෙත්සම සලකා බැලූණේ අභියාචනාධිකරණයේ සභාපති එස්. ස්කන්ධ රාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්. සලාම් යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.

අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ තේරීම් කාරක සභාවේ දී ස්වභාවික යුක්තියට සහ සාධාරණත්වයට අනුව විභාගයක් නොපැවැත්වූ බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නියෝග ලබාදීමට අධිකරණයට නොහැකි බව නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥයින් පිරිසක්ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මේ අතර අදාළ දෝෂාභියෝග විමර්ශන කමිටුවේ වාර්තාව ලබන 10 හා 11 වන දිනවලදී විවාදයට ගැනීමට අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive