ඇරිස්ටෝටල්ගේ කාම සූත්‍රය වෙන්දේසියේ ‘ Aristotle Sex Manual’

ග්‍රීසියේ විසූ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද කලකදී තහනම්කර තිබූ ලිංගික විද්‍යාව හා ගර්භණීභාවය පිළිබඳ සිතියම් සහිත ග්‍රන්ථය ටර්බුල්හි එඩිංබර්ග් වෙන්දේසි පොළේදී පවුම් 400කට විකිණීමට තීරණයකර තිබේ.

ක්‍රි.ව. 1760 දී පමණ මුලින්ම මුද්‍රණද්වාරයෙන් පිටවූ මෙම ග්‍රන්ථය 'ඇරිස්ටෝටල්ස් කම්ප්ලීට් මාස්ටර් පීස්' යනුවෙන් හැඳින්වේ. ආධුනික වින්නඹු මාතාවන්ට හා අලුත විවාහ වූ ජෝඩු සඳහා මඟ පෙන්වීමක් වශයෙන් ලියා ඇති මෙම ග්‍රන්ථය වසර 200 පමණ පෙරදී එක්සත් රාජධානිය තුළ භාවිතය තහනම්කර තිබිණි.


ලිංගික සබඳතා හා පිළිසිඳ ගැන්වීම් පිළිබඳ විශේෂ කරුණු ඇතුළත් මෙම ග්‍රන්ථය, තරුණ තරුණියන් අතට පත්වුවහොත් ඔවුන් විවාහයට පෙර මෙම පොතෙහි කරුණු අත්හදා බැලීමට පෙලඹේය යන සැකය මත විවිධ රටවල මවුපියන් කළ ඉල්ලීමක් අනුව මෙම පොත තහනමට ලක්වී ඇත.

 




Gossip Lanka Hot News Previous News Archive