කළු පාට වැස්සත් එයි- Black Rain

රතු, කහ හා කොළපාට වැසිවලට අමතරව කළු පාට වැස්සක් ද ඇද වැටී තිබේ. මහියංගනය, මීගහපිටිය ප්‍රදේශයට කළුපැහැති වැස්සක් ඇදහැලී ඇති බව වාර්තා වේ.ප්‍රදේශවාසීන් පැවසූවේ, ඊයේ රාත්‍රි ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම කළුපැහැති වර්ෂාව ද ඇදහැලුණු බවය.

එම ජලය ගලාගෙන ගොස් රැඳි ඇති ස්ථානවල තෙල් තට්ටුවක් මෙන් දක්නට ඇතැයි ද එම ප්‍රදේශවලට ඉහළ අහසේ කළු පැහැති ඝන වලාකුළුවලින් වැසී ඇති බවද එය දුටුවෝ පවසති.

කළු සිකුරාදා කළු වැස්සකුත්

මෙම පුවත ඊයේ දැනගත් එක් නීතීඥ මහතේකු අලුත් කඩේ උසාවි භූමුයේ විරෝධතාවයේ සිටි නීතීඥ මහතෙකුට පවසා ඇත්තේ "අපේ වැඩේට ස්වභාවදර්මයත් උදව් කරනවා. මේච්චර කල් වැටුනු රතු, කොල, කහ වැසිවලට අමතරව මේ කළු දිනේ දවසේ කළු වැස්සකුත් වැටිලා. පාලකයන්ගෙ වැඩවලට ස්වභාව දර්මයා කම්පාවෙලා" යනුවෙනි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට මීට පෙර රතු, කහ, කොල සහ නිල් පැහැති වැසි ද මාළු වැසි ද ඇදහැලූණා.මේ අතර අරලගංවිල ප‍්‍රදේශයට කිසියම් ආකාශ වස්තූන් ද පතිත වූ බවයි වාර්තා වුණේ.එම ආකාශ වස්තූන්ගේ ඩයටම කාණ්ඩයට අයත් ඇල්ගී විශේෂයේ ජීවී කොටස් පොසිලගතව ඇතැයි නවතම පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.එම පරීක්ෂණ සිදුකළේ එංගලන්තයේ බකින් හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතායි. වැඩිදුර පරීක්ෂණ සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයකු ද ඉදිරි දිනකදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිනවා.

 -සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive