නැන්දා එළවලා තාත්තා හොයන් යන්න කියලා - හද කම්පා කළ කතා පුවතක්


සිය පියා සොයාගෙන යන ගමනේ අතරමං වූ අසරණ වූ දරුවන් දෙනෙකු පිළිබඳ දුක්බර පුවතක් පුත්තලමෙන් වාර්තා විය.12 හැවිරිදි මධූෂා සිය සිව් හැවිරිදි සහෝදරයා කවීෂ ද සමඟ ආනමඩුව නවගත්තේගම පිහිටි නිවසින් පිටවූයේ සිය පියා සොයා යාමේ අරමුනිණි.සිය පියා සිටින්නේ කොහිදැයි, නිශ්චිතවම නොදත් මෙම දරුවන් දෙදෙනා සිය ගමන අතරදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොඩවන්නේ, පිපාසය සංසිදුවා ගැනීමට දිය පොදක් ඉල්ලා ගැනීම සඳහාය.
එහිදී වෙළෙඳසලේ සිටි කාන්තාව ඔවුන් දෙදෙනාට වතුර ලබාදී මෙන් පසු තොරතුරු විමසා ඇත.එහිදී ඔවුන් පවසා ඇත්තේ, පුත්තලම කල්පිටියේ සිටින තම පියා සොයාගෙන යන බවය.ඔවුන් දෙදෙනා අතරමංවී සිටින බව පසක් වූ අදාළ කාන්තාව පසුව දරුවන් දෙදෙනා පුත්තලම පොලීසියට භාර දීමට කටයුතු කරන්නීය.

පොලීසියේදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ, බීමතින් නිවසට පැමිණෙන සිය පියා දිනෙක සිය මවට පහර දී ඇය නිවසින් එළවා දැමූ බවය.මෙම දරුවන් දෙදෙනා තමන් මෙලොවට බිහිකළ මව දැක තිබූණේ, මිට වසර දෙකකට පෙරදීය.

මෙම දෙදෙනා කලක් ළමා නිවාසවල ගත කර ඇති අතර පසුව පියා විසින් යළිත් ඔවුන් සිය නිවස කරා රැගෙන ගොස් තිබුණි.කෙසේ වෙතත් දරුවන් දෙදනො පොලීසියට පවසා ඇත්තේ, තමන් යළි ළමා නිවාසයට යාමට කැමති බවය.මධූෂා සහ කවීෂ මේ වන විට පුත්තලම පොලීසිය භාරයේ පසුවෙති.

Gossip Lanka Hot News Previous News Archive