සම්මත කරගෙන තිබෙන්නේ දෝෂාභියෝග යෝජනාව නෙවෙයි. පරණ එකක් !

දෝෂාභියෝගය සම්බන්ධ තේරීම්කාරක සභාවේ වාර්තාව ගැන පාර්ලිමේන්තුව තුල ඊයේ (10) සහ අද (11) විවාද කර, ජන්දය සදහා ඉදිරිපත් කර ඇත්තේ නොවැම්බර් 6 දා තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවමය. ඒ අනුව බහුතර ජන්දයෙන් සම්මතවී ඇත්තේ, තේරීම් කාරක සභාවේ වාර්තාව ගැන නොව යළි තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහාය.

පාර්ලිමේන්තු න්‍යය පත්‍රයේ මේ පිළිබදව පැහැදිලිව සදහන්ව තිබුණද, ඡන්දය විමසීමට සූදානම් වන අවසන් අවස්ථාව වන තුරු එය රහසක්ව තබා ගැනීමට විපක්ෂ නායකයා කටයුතු කර තිබිණ. ඡන්දය විමසීමට ලං වෙද්දී එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සවස 6.20 ට මේ රීති ප‍්‍රශ්නය මතු කෙළේය. ඒ පිලිබදව මෙතෙක් දැනුම් නොදී විවාදය කරගෙන ගියේ ඇයිදැයි කතානායකවරයා එහිදී විමසිය. ජෝෂප් මයිකල් පෙරේරා හිටපු කතානායකවරයා එවිට කීවේ අප අවශ්‍ය අවස්ථාවේදී ඒ රීති ප‍්‍රශ්නය මතුකරන්නට බලා සිටි බවයි. ස්වාමිනාදන් මන්ත‍්‍රීවරයා කීවේ දැන් කතානායක වරයා කළ යුත්තේ තේරීම්කාරක සභාවක් යළි පත් කිරීම මිස වෙනත් කිසිවක් නොවන බවයි.
මෙම තත්වය යටතේ, පාර්ලිමේන්තු විනාඩි 10 කට කල් තැබූ කතානායකවරයා, විනාඩි 40 කට යළි පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ජන්දය පැවැත්වීමට කිරිඇල්ල මන්ත්‍රීවරයා මතුකළ රීතිමය කාරනා නොවන බව ප්‍රකාශ කරමින් ජන්දය විමසිය. එහිදී ඡන්ද ගැනීමෙන් පසු ආණ්ඩුවට ඡන්ද 155 ක්ද විපක්ෂයට ඡන්ද 49 ක් ද විය

අද (11) දින පාර්ලිමේන්තු න්‍යය පත්‍රයේ සදහන්ව ඇති පරිදි සම්මතකර ගත් යෝජනාව මෙසේය.

'' ..... ඉහත සදහන් විෂමාචාර චෝදනා හේතුවෙන්, එම විෂමාචාර චෝදනා පිළිබදව පරීක්ෂා කර එම චෝදනා එකක් හෝ එකකට වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරැනු ලැබුව හොත් ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදී ජනරජයේ අග්‍රවිනිශ්‍යකාර පදවියෙන්, ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසලමුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අන්සුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීමේ යෝජනාවක් අතිගරැ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ හැකි පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි ඉහත නම් ස‍්දහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන අපි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(3) ව්‍යවස්ථාව සමග කියැවෙන 107 (2) ව්‍යවස්ථාවේ විධිවිධාන, 78 ආ දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද ප්‍රකාරව යෝජනා කර සිටිමු. ''
මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ එජාප මන්ත්‍රී අජිත් පෙරේරා මහතා කියා සිටියේ, මෙම යෝජනාව සම්මත කර ගැනීමට ආණ්ඩුව ගත් ක්‍රියාපටිපාටියද නිත්‍යානුකුල නොවන බවයි. ඔහු සදහන් කළ පරිදි, මෙම විවාදය ගැනුනේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දී මසකින් නොවේ. පසුගිය දෙසැම්බර් 08 දා කාරක සභා සභාපති පාර්ලිමේන්තුවේදී වාර්තාවේ කොටසක් කියැවූවා මිස එය මන්ත‍්‍රීවරුන්ට ලබා දුන්නේ නැත.

එය මුද්‍රණය කර අහවර කෙළේද දෙසැම්බර් 17 දා ය. පාර්ලිමේන්තුව වසා තිබූ බැවින් මන්ත‍්‍රීවරුන්ට එය ලැබුනේ පසුගිය ජනවාරි 08 දා යළි විවෘත කිරීමෙන් පසුවය. ඒ අනුව වාර්තාව පාර්ලිමේන්තුවට ලැබී මසකින් විවාදයට ගත යුතු නම් එය ගත යුත්තේ ලබන පෙබරවාරි 08 වෙනිදා ට ය. නමුත් පාර්ලිමේන්තුව ජනවාරි 10 11 විවාදයට ගත්තේ ය. එයද නීති විරෝධී ක‍්‍රියාවකි. කොපමණ රීති තර්ක ගෙනාවද මන්ත‍්‍රීවරුන්ට පිටු දහස් ගණනක කාණ්ඩ දෙකකින් යුත් වාර්තාවක් කියැවීමටවත් දින දෙකකින් කළ නොහැකි වැඩකි.



Gossip Lanka Hot News Previous News Archive