ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුව නිරාවරණය කිරීම අද (23) පෙරවරුවේ කොළොන්නවා කර්මාන්ත පරිශ්‍රයේ දී කොළොන්නාව ජනතාවගේ සහ මැති ඇමැති හා ප්‍රභූන් රාශියකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.
2011 ඔක්තෝම්බරයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ තෙවැනි අදියරයේ දී ජන්ද ප්රචාරක මෙහෙයුමක යෙදී සිටියදී 08 වැනිදා අංගොඩ, හිඹුටාන ප්‍රදේශයේ දී දුමින්ද සිල්වා පාර්ශවය සහ භාරත ලක්ෂ්මන් පාර්ශවය අතරේ සිදු වූ ගැටුමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි වැදී පසුව මරුමුවට පත්විය. අද (23) පැවැති භාරත ලක්ෂ්මන් පිළිරුව නිරාවරණය කිරීමේ උත්සව අවස්ථාවට කෝට්ටේ ශ්‍රි නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයත් මැති ඇමැතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, බන්ධුල ගුණවර්ධන, තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වූහ.
කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පිළිරුව නිරාවරණය කළ අතර දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පවුලේ ඥාතීන් සියලු දෙනා උත්සව අවස්ථාවට එක් වී සිටියහ.