දමිළ සන්ධාන මන්ත්‍රීගේ කාර්යාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සහ නිල් චිත්‍රපට

දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැටි තොගයක් සමග කිලිනොච්චියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි. මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම රාජ්‍ය බුද්ධි අංශ විසින් ද තහවුරු කර තිබේ.ශ්‍රීදරන් මහතාගේ කිලිනොච්චිය කාර්‍යාලයේදී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය, රජයෙහි සැලසුම් සහගත කුමන්ත්‍රණයෙහි උච්චතම අවස්ථාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ සිය පක්ෂයේ කිලිනොච්චි දිස්ත්‍රීක් සංවිධායක වේලමා ලිහිදන් බව මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා පවසයි.තම පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු ඊයේ තිරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි යන්න පවසා තම පක්ෂ කාර්යාලය පරික්ෂා කර ඇති බවත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සදහන් කරයි.


වාහන 4කින් පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් 25 දෙනෙකු පමණ තම කාර්යාලයට පැමිණ එකී පුපුරණ ද්‍රව්‍ය හා අසභ්‍ය සංයුක්ත තැටි සොයාගත් බව පැවසු නමුත් ඒවා කාර්යාලයේ කුමන ස්ථානයේ තිබුණේ ද යන්න පවා කිසිත් අනාවරණය කර නැතැයි මන්ත්‍රීවරයා කියයි.

තවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයිද පවසන ශ්‍රීධරන් මහතා පසුගිය ජනවාරී මස 3 වැනිදා සිට එම ආරක්ෂාව ඉවත් කර ඇතැයිද පැවසීය.

මේ පිළිබඳව තමන් පොලිස්පතිවරයා, කතානායකවරයා හා උතුරු පළාතේ පොලිස් ප්‍රධානීන් දැනුවත් කළ බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

එසේම කිලිනොච්චියේ පොලිස් ප්‍රධානියා දැනුවත් කළ අවස්ථාවේදී මෙය ඉහළින් ලැබුණු නියෝගයක් යැයි ඔහු කියා සිටි බවද ශ්‍රීධරන් මහතා පවසයි.

ඒ අනුව මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ලෙස තමන් සලකන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive