රටේ හරි හමන් විපක්ෂයක් නොමැති වීම අගවිනිසුරුවරිය නෙරපා හැරීම ඇතුළු ආණ්ඩුවේ ඒකාධිපති ගමන සාර්ථක වීමට හේතුවක් බවත් මේවන විට එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ආණ්ඩුව යනු දෙකක් නොව එකක් බවත් දඹර අමිල හිමියෝ පවසති .
අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරය කොළඹ ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවක දී උන්වහන්සේ ප්‍රකාශ කළේ 18 වැනි සංශෝදනය සම්මත කරගැනීමට ජනමත විචාරනයක් වුවමනා බවට අධිකරණය විසින් ආණ්ඩුවට නියම නොකිරීමේ විපාකය පළමු වටයේදීම අධිකරණයටම විදින්නට සිදු වූ බවත් ,එකී ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ ඒකාධිපති ගමනට ආශීර්වාදයක් වී ඇති බවයි .
"ශ්‍රී වික්රම රාජසිංහ රජු රටට එරෙහිව ස්වදේශික ක්‍රමයට පිටුපා රට පාලනය කළා. රටවැසියා එවිට සිතුවා රාජසිංහට කවුරුහරි ගහනවානම් හොඳයි කියලා. සුද්දාට රාජසිංහ අල්ලා ගන්න පුළුවන් වුණේ එහෙමයි. ඒ නිසා දැන් ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම එකයි. විපක්ෂය හා ආණ්ඩුව එක වල්ලේ පොල් වගේ."
මෙම පසුබිම නුතන අධිරාජ්‍යවාදයට මෙරට බිලි ගැනීමට දොර විවර කරන බවද ,මෙබදු පසුබිමක දී ආක්‍රමණිකයන් හෝ තමන් පිඩාවට පත්කරන පාලකයන් එළවාදමනවා නම් කමක් නැතැයි යන මානසිකත්වයකට ජනතාව පත් වන බවත් දඹර අමිල හිමියෝ පැවසුහ
වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියෝ මෙසේද පැවසූහ.
‘‘පසුගිය මාස කිහිපය තුළ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝගයක් පිළිබඳ කථිකාවක් රටපුරා නිර්මාණය වුණා. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස මේ දෝෂාභියෝගය හා ඒ ආශි‍්‍රතව ගොඩනැගෙන කරුණු කිහිපයක් රටේ ජනතාව හමුවේ තැබිය යුතුයැයි විශ්වාස කරනවා."
අධිරාජ්‍යවාදය අප වැනි පරිධියේ රටවල සම්පත් කොල්ල කෑම සඳහාත් ශ‍්‍රමය සූරාකෑම සඳහාත් අවශ්‍ය කටයුතු සිදුකරගැනීම සඳහාත් ඉතිහාසයේ සිට අද දක්වාම කි‍්‍රයාත්මක වෙමින් සිටිනවා. එය අපේ රටටද බලපාමින් තිබෙන බව සත්‍යයක්. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය නිර්මාණය වෙන්නේ එම තත්වය අදටත් බරපලත ලෙස වලංගු නිසයි. රටවල් විසින් තමන් විසින් ඇතිකරගන්නා දේවලූත් අධිරාජ්‍යවාදීන් විසින් රටවල් තුළ ඇතිකරවනු ලබන දේත් ඔවුන් විසින් රටවල්වලට මැදිහත්වීම සඳහා උපයෝගී කරගන්නවා. දෝෂාභියෝගය පිළිබඳ කරුණ ගත්තොත් එය අධිරාජ්‍යවාදය විසින් ඇතිකරවනු ලබන දේකට වඩා අධිරාජ්‍යවාදීන්ට අවස්ථාවක් සපයා දුන් දෙයක් හැටියට අපි දකිනවා. ඒ සම්බන්ධව අපට තිබෙන විවේචනය එයයි. අපේ රටේ ඉතිහාසයේ 1815 ගත්තොත් එයත් අධිරාජ්‍යවාදීන්ට යටත්වීම සඳහා අවස්ථාව සලසා
දෙනු ලැබූ මොහොතක්. බන්දේසියේ තබා දෙනලද මොහොතක්. ශී‍්‍ර වික‍්‍රම රජුට තිබුණෙත් ආසියාතික ක‍්‍රමයට එරෙහි සදාචාර පැවැත්මක්. ඔහු වටා සිටි කවය ස්වදේශික අභිලාෂයන්ට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස ඔහුව පොළඹවනු ලැබුවා. සුරාව, ස්ති‍්‍රය, ඒ සඳහා යොදා ගත්තා. පාලන තන්ත‍්‍රය ගත්තොත් ඔහු එයට පත්කරගත්තේ ඔහුගේම පවුලේ අය පමණයි. එය පවුල පදනම් කරගත් පාලනයක්. ජනතාව මත අධික බදුබර පැටෙව්වා.
මහජනයාගේ ආර්ථික මූලාශ‍්‍රවලට ඔහු උදව් කළේ නැහැ. ඔහු වටා සිටි මහානායක හිමිවරුන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේලා, උගතුන්, බුද්ධිමතුන් ඔහු බැහැර කළා. ඔවුන්ගේ උපදෙස් ඔහු පිළිගත්තේ නැහැ. මේ හේතුව නිසා මහජනතාවත් ඔහු වටා සිටි බුද්ධිමතුනුත් ඔහුගෙන් ඉවත්වුණා. ඔවුන් සිතුවේ මෙම රජු ඉවත්කළ යුතු බවයි. මෙම මානසිකත්වය ඉතාම භයානකයි. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ එයයි.
දෝෂාභියෝගයේ කි‍්‍රයාවලියත් අරමුණත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව සමාජයේ සියලූ ක්‍ෂේත‍්‍රආණ්ඩුවට පෙන්වා දුන්නා. ඒත් ආණ්ඩුව හිතුවක්කාරී ලෙස එය ඉදිරියට ගෙනයමින් අර්බුදයක් නිර්මාණය කළා. මේ ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් අධිකරණවලට පහරදුන්නා. මහේස්ත‍්‍රාත්වරුන්ට තර්ජනය කළා.
මාධ්‍යවේදීන්ට පහර දුන්නා; අතුරුදහන් කළා. මාධ්‍ය ආයතනවලට පහරදුන්නා; ගිනි තිබ්බා. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරියව බලහත්කාරයෙන් ඉවත් කළා. මෙසේ බලනවිට ආණ්ඩුව විරසකභාවයක් ඇතිකර නොගත්ජනකොටසක් නැති තරම්. මේ තත්වය තුළ ආණ්ඩුව සියලූ ක්ෂේත‍්‍ර අත්පත් කරගත් අනීතික ඒකාධිපති බලයක් කරා ගොස් තිබෙනවා. මේ අනුව රට තුළ ගොඩනැගෙන ජනතා මනෝභාවය අතිශය අවදානම්කාරී එකක්. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොසලකා හරින්නේනම් තමන්ද නීතියට අවනත විය යුත්තේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. ඊටත් වඩා භයානක දෙයක් තිබෙනවා. ඒ මේ අත්තනෝමතිකත්වයට එරෙහිව තමන්ට ගත හැකි කිසිදු පියවරක් නොමැති බැවින් විදෙස් මැදිහත්වීමක් හෝ සිදුවූවාට කම් නැති බවට වන මහජනතාවගේ මානසිකත්වයයි.
මෙය සමාන කළ හැක්කේ ශ‍්‍රී වික්රම රාජසිංහ රජු ඉංග‍්‍රීසි සෙන්පතියෙක් විසින් අල්ලාගෙන යන නැවට ගෙයන අවස්ථාවේ ප‍්‍රකාශ කළ දෙයටයි. තමන් කිසිවෙකු කියන දෙයකට සවන් නොදුන් බවත් තමන් වටා සිටියේ තමා කියන දෙය අනුමත කරමින් සිටි නරකම පිරිසක් බවත් රජු කිවුවා. මේ රජු අත්තනෝමතික බැවින් ඉංග‍්‍රීසින් හෝ අල්ලාගෙන ගොස් දඬුවම් කළාට ප‍්‍රශ්නයක් නැතැයි සිතන මනෝභාවයක් ඒ වනවිට රට තුළ තිබුණා. එය පාවිච්චි කරමින් ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන් උඩරට යටත් කර ගත්තා. උතුරේ සිට දකුණට මුළු දිවයිනම සුදු ආධිපත්‍යයට යටත් වුණා. 1815 වර්ෂයෙන් ඇරඹුණු මේ යටත්වීම 1948 දක්වා ඇදුණා. පාලකයාගේ අත්තනෝමතික හැසිරීම අධිරාජ්‍යවාදීන්ට රටට ඇතුල්වීමට පාර කැපුවා. දැනුත් රටේ ඇතිවෙමින් තිබෙන්නේ එවැනි වාතාවරණයක්.
අධිකරණයට, මාධ්‍යයට පාලකයින් නිවැරදි කළ හැකි බවට මතයක් තිබුණා. එහෙත් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට කරන ලද මැදිහත්වීම නිසා එම අදහස රට තුළත් ජාත්‍යන්තරවත් බිඳවැටී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ඇතුළු පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව කියා තිබෙනවා. ඇමරිකාව, කැනඩාව වැනි රටවල්ද මෙම අදහස පවසනවා. ආණ්ඩුවේ හැසිරීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, මානවවිරෝධී බව අධිරාජ්‍යවාදීන් කියමින් සිටිනවා. මේ සිදුවීම් පාදක කරගනිමින් ඔවුන් රටට මැදිහත්වන විට ඊට එරෙහිවීමට බලාත්මක පුරවැසියන් රටේ නැති විය හැකියි. මොකද ආණ්ඩුව පුරවැසියන් මෙම තත්වයට, එම මනෝභාවයට ඇදදමමින් තිබෙන නිසා.
එය තමන් එරෙහි පුද්ගලයින්ට අධිරාජ්‍යවාදීන් හෝ පහර දෙන විට ඇතිවන කැමත්තක් විය හැකියි. යුධමය තත්වය තුළ රටේ ඇතිවූ මුතූර්, චෙන්මනී ඝාතන වැනි නීති විරෝධී සිදුවීම්වලට එරෙහිව අපේ නීතිය තුළ දඬුවම් දුන්නා. අපේ පරීක්ෂණ කි‍්‍රයාවලිවලියක් තිබුණා. අපි අවශ්‍ය පියවර ගත්තා. දැන් අපි ලෝකයට පෙන්වා තිබෙනවා, අපට ස්වාධීන අධිකරණයක් නොමැති බව. දැන් දරුස්මාන්ට ආණ්ඩුව අවස්ථාව හදා දී තිබෙනවා. ඔවුන් කියාවි, ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කර ඇති බව. ලංකාවේ අධිකරණය තමන්ගේ කන්‍යාභාවය සිඳගත් දූෂිත අධිකරණ යැයි ඔවුන් ප‍්‍රකාශ කරාවි. එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස යුද්ධයේ අවසන් කාලයේ හටගත් සිදුවීම් පරීක්ෂාව සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් නියම වන්නට පුළුවන්.
යුද්ධයෙන් පසු ජාතික ගැටලූවට අදාල ප‍්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මේ සභාවට ටී.එන්.ඒ. සංවිධානය නොපැමිණීම පිළිබඳව ආණ්ඩුව ජාත්‍යන්තරයට ආඬපාලි කියමින් සිටියා. එහෙත් අගවිනිසුරුවරියට එරෙහි තමන්ගේ තීරණය ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අත්තනෝමතික ලෙස ක‍්‍රියාත්මක කරමින් ඒ පිළිබඳව විශ්වාසය බිඳවැට්ටුවා. මේ නිසා ඉදිරියේ ආණ්ඩුවේ තේරීම් කාරක සභාවලට කිසිවෙක් පැමිණේවි යැයි විශ්වාස කළ නොහැකියි. ඒවායේ ස්වාධීනත්වය, ඵලදායීත්වය ලෝකයට කියන්නත් බැරිවේවි. ආණ්ඩුව විසින් ඇති කරන ලද තත්වය විජාතික අධිරාජ්‍යවාදී බලවේගවලට අතවැනීමක්. රටේ බලය හෙබවූ ආණ්ඩුවක් විසින්ම තම රටට මැදිහත් වන ලෙසට විදේශයන්ට කරන ලද ආරාධනයක් ලෙස මෙය ඉතිහාසයේ සටහන් වේවි.
ඊළඟට පත්වන අගවිනිසුරු සම්බන්ධව ගැටලූ රැසක් පැන නගිනව. ඔහුව සාම්ප‍්‍රදායික ලෙස පිළිගනු ලැබේවිද, එසේ නොවේවිද යන්න පිළිබඳව. ආණ්ඩුවට සම්බන්ධ කෙනෙකුට අධිකරණයෙන් කැඳවීමක් ලැබුණහොත් ඔහු අධිකරණයට පූර්වාදර්ශ අනුව නොපැමිණෙන්නත් පුළුවන්. එවිට පහළ අධිකරණවල විනිසුරුවරුන් පත්වන්නේ කුමකටද. නව අගවිනිසුරු කෙනෙක් පත්වීම ප‍්‍රීතිමත් ලෙස සැමරිය හැකි දෙයක් නෙවෙයි.එසේම මෙය දේශපේ‍්‍රමී ලෙස සිතන පාලකයින්ගේ කි‍්‍රයාවක් නොවෙයි. මෙය රටට සතුරු පාලක පිරිසකගේ කි‍්‍රයාවක් බව අනාගතයේ දිනක සටහන් වේවි. එය අනාගතයේ දිනක අපට ඉතාම පැහැදිළිව දැකගත හැකිවනු ඇත. ඒ මේ පිළිබඳව අපට ඉදිරියේදී බොහෝ සාකච්ඡා කිරීමට අවස්ථා උදාවන බව නිසැකයි. ආණ්ඩුව මෙන්ම රටේ ප‍්‍රධාන විපක්‍ෂය සම්බන්ධයෙන්ද ජනතාව තුළ ඇතිවී තිබෙන්නේ බරපතල කළකිරීමක්. ඔවුන් දෙගොල්ලම එක වල්ලේ පොල් යන හැඟීමක් ජනතාව තුළ ඇතිවී තිබෙනවා. මෙම තත්වයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවේ මෙම පියවරයන්හි අනතුර පෙන්වාදෙමින් සැබෑ අධිරාජ්‍යවිරෝධී මෙහෙයුමක් ඇරඹීමට අපි සූදානම්.”
මෙම මාධ්‍ය හමුව සඳහා අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක සභික ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක සභික වී.අයි. ආබ්දීන් යන මහත්වරුද එක්ව සිටියහ.