විවාහ ලියාපදිංචි කිරිම සදහා අය කෙරෙන ගාස්තුව සංශෝධනය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28)පැවසීය.
ඊට අමතරව ආදීවාසින් එම ගාස්තු වලින් නිදහස් කරන බවද ජනාධිපතිවරයා කීය.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ සවස අරලියගහ මන්දිරයේදි පුවත් පත් කතුවරුන් හා පැවති හමුවේදිය.එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ විවාහයක් ලියාපදිංචිය හෝටලයකදී සිදු කරන විට එක් ගාස්තුවක් අය කරන පරිදි නව සංශෝධන සිදු කරන බවයි.
ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කිරීම පිළිබදවද මෙහිදී පුවත්පත් කතුවරුන් විමසා සිටි අතර එහිදී ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ කිසිදු දේශපාලන අවශ්‍යතාවයක් එම පත්වීම පසුපස නොමැති බවයි. ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බැවින් හා හැම අතින්ම ඊට සුදුසු අයෙකු බැවින් එම තනතුර සදහා පත් කල බව කීය.
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කල දෝෂාභියෝගය සම්බන්ධව ජත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ඇති විය හැකි දැයි පුවත් පත් කතුවරයෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි කිසිදු බලපෑමක් නැති බවත් එදා සිටම චෝදනා නැගූ පිරිස් ඒ කල දේවල්ම වර්තමානයේ සිදු කරන බවය.
-සබැදි
පුවත්-
1. අලුත් වසරේ කසාද බදින්න රුපියල් 5000 ක් ඕනේ !
2. කැකුලියක් සහේට ගන්නත් බැරි තත්වයක් -ආදිවාසී නායක
3.විවාහයට ලාභ ක්‍රමයක් - රුපියල් 750 යි
4.මෙහෙම ගියොත් කතුන්ගේ පයෝධරවලිනුත් බදු... !