උසාවි නියෝගය කැඩුවොත් ජනතාව පාරට බස්වා ආණ්ඩුව පන්නනවා - වික‍්‍රමබාහු කරුණාරත්න

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කළහොත් ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහා රට පුරා මහජනයා මහ පාරට බස්සවා ආණ්ඩුවට එරෙහිව පෙළ ගස්වා ආණ්ඩුව ගෙදර යවන බව නව පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවැසීය.

දිවි නැඟුම පනත සම්බන්ධයෙන් 13 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මත පදනම්ව ආණ්ඩුව අධිකරණයට පහරදී මර්දනය කර එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටීමට පෙර ජාතීන් අතර ජාතිවාදී කෝලාහල ඇති කිරීම සඳහා යැයි ද ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.


කරුණාරත්න මහතා මෙසේද කීය.

‘ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කරමින් සහ එම නීතිය ඉක්මවා කි‍්‍රයා කිරීමට ගියහොත් ඊට එරෙහිව ජනතාව මහ පාරට බස්සවා අප ජනතා පරමාධිපත්‍ය බලය ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාත්මක කරවීමට කටයුතු යොදා තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය පැහැදිලිව හිමිවී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරී තිබෙන බලය යටතේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරමින් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සහ ඊට අදාළ කි‍්‍රයාවලියද ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන ද එම අධිකරණය තීන්දුවක් දී තිබෙනවා.’

Gossip Lanka Hot News Previous News Archive