දිවි සමක් ළඟ තබා ගත්තැයි කොල්ලුපිටියේ ජිනා මැඩම් (රෝස් මේරි පිළිෂියා පෙරේරා) කළුතර බන්ධනාගාරයේ සිට අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබීය. පැමිණිල්ල නොපැමිණීම නිසා එම නඩුව කල් ගියේය. කොල්ලුපිටියේ සුපිරි මහලක ගණිකා මඩමක් පවත්වාගෙන ගිය වරදට තුන් අවුරුදු සිර දඬවමක් විදිමින් සිටින ඇය සිය නීති වේදී රියන්සි අර්සකුලරත්න මහතා මගින් කියා සිටියේ කළුතර සෞඛ්‍ය පහසුකම් අඩු නිසා වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.
ඇහේ අසනීපයක් අධික රුධිර පීඩනය හා දියවැඩියාව ඇයට ඇතැයි කියවිණි . මහාධිකරණයෙන් ඇයට දඬවම් කළ නිසා තමාට එම ඉල්ලීම ඉටුකළ නොහැකියැයි කී මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඇයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධානාගාරයට නියෝග කෙළේය. දිවි සම් නඩුව පෙබරවාරි 15ට කල් තැබීය