මල්ලී සමග රන්ඩු වූ අක්කා අම්මාගේ සාරියකින් ගෙලවැලලාගෙන මියයයි

මල්ලී සමග රන්ඩුවීම නිසා අම්මාගෙන් බැනුම් ඇසූ දැරියක් අද (13) සවස 07ට පමන සිය මවගේ සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ බදුල්ලදිස්ත්‍රික්කයේ ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ජයසිංහගම ප්‍රදේශයෙනි. දැරිය 13 හැවිරිදි වන අතර ඇය පවුලේ වැඩිමලාය. ඇටම්පිටිය විදුහලේ 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය අද සවස ඇය සිය බාල සොහොයුරා සමග රන්ඩු වී තිබේ එහිදී මව ඇයට බැන වැදී පිරිමි දරුවා සමග මිත්තනියගේ නිවෙසට ගොස් ඇති අතර නිවසට පැමිනි ඇය දැක ඇත්තේ සිය සාරියකින් නිවසේ බාල්කයක ගෙල වැලලාගෙන මියගොස් සිටින දියණියයි. සිද්ධිය පිලිබදව ඇටම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive