මේවට එක නීතියක් නැත්ද ? මහේල ප‍්‍රශ්න කරයි

 ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද පැවති සිව් වන එක්දින තරගය අතරමගදී අතහැර දැමීම සම්බන්ධයෙන් ලිඛිතව තම අප‍්‍රසාදය පල කරමින් තරග තීරකවරයාට ලිපියක් යොමුකරන බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

ඔවුන්ට තරගය අත්හිටුවීම සම්බන්ධයෙන් නොවෙනස් එක ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. මීට මාස තුනකට පෙර පල්ලේකැලේ පිටියේ පැවති නවසීලන්ත- ශී‍්‍ර ලංකා තරගය අතරමග අතහැර දැම්මේ පිටියේ තත්වය කී‍්‍රඩාවට ආරක්ෂාකාරී නැතැයි (Unsafe) කියමින්. අද තරගය අතරමගදී අතහැර දැම්මේ පිටියේ තත්වය සාධාරණ නැහැයි (Unfair) කියමින්. මාස තුනක් ඇතුලත ඇයි මේ වෙනස් ස්ථාවරයන් දෙකක් ? යනුවෙන් ශී‍්‍ර ලංකා නායකයා පවසයි.


අපි මීට වඩා අනාරක්ෂිත තත්වයන් යටතේත් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒ වගේම ශී‍්‍ර ලංකාවෙදි තරගයක් අතරතුර වැසි වැටුනොත් පිටියේ කලමනාකාරීත්වය විසින් සම්පූර්ණ පිටියම ආවරණය කරනවා. නමුත් අපට වඩා නූතන තාක්ෂණික අංගොපාංග රැසකින් සන්නද්ධ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගන භාරකරුවන් තණ තිල්ල පමණක් ආවරණය කර පිටියේ අනෙක් ප‍්‍රදේශ වර්ෂාවට නිරාවරණය කලා. යනුවෙන් අද තරගය ජයගැනීමට වැඩි ඉඩකඩක් තිබූ ශී‍්‍ර ලංකා පිලේ නායකයා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ටද දැඩි චෝදනාවක් එල්ල කරයි.

අතහැර දැමූ මෙම තරගයේදී පලමුව පන්දුවර පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල සිය පන්දුවාර 50 තුලදී කඩුලූ 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 222 ක් පමණක් වන අතර අතරමගදී වැටුණු වර්ෂාව හේතුවෙන් තරගය නවතන විට ශි‍්‍ර ලංකා පිල පන්දුවාර 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 14 ක් ලබාගෙන සිටියේය.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුතු එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශී‍්‍ර ලංකා පිල ඉදිරියෙන් සිටි.

Gossip Lanka Hot News Previous News Archive