බාලවයස්කාර දැරිවියක් දෙමව්පිය බාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි. මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක් වන දැරිවියකි.
දුෂණයට ලක්වී ඇති දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත.එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු දැරිවියව ඇයගේ මවට හොරන් පැහැර ගෙන ගොස් පල්ලම පොලිස් වසමේ තම හිතවතෙකුගේ නිවසසේ දින කීපයක් ගත කර ඇත. එම කාලය තුළ සැකකරු තමන් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත්වු බව දැරිවිය පොලීසියට පවසා ඇත.
තම දැරිවිය සහ සැකකරු පල්ලම ප්‍රදේශයේ නිවසක සිටින බවට ලද තොරතුරක් මත දැරිවියගේ මව මේ බව පල්ලම පොලීසියට දැන්වීමෙන් අනතුර දැරිවියව අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඇයව වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා පල්ලම පොලීසිය විසින් මාදම්පේ පොලීසියට බාර දී ඇත. දැරිවිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.