Jan292013

පෙරටුගාමී කුමාර මහත්තයාගේ අළුත් බිස්නස් එක

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකු සහ වර්තමානයේ පෙරටුගාමි පක්ෂයේ ක්‍රියාකරිකයෙකු කටයුතු කරන කුමාර ගුණරත්න නෙහොත් ප්‍රේම කුමාර ගුණරත්න ස්විට්සර්ලන්තයේ නව චරිතයක් රගපාමින් අළුත් ව්‍යාපාරයක් අරඹා ඇතැයි වාර්තා වෙයි.
සම අයිතිය ව්‍යාපාරය නමින් පිහිටුවාගෙන ඇති මෙම ව්‍යාපාරය දැනට පවතත්වාගෙන යනු ලබන පෙරටුගාමී පක්ෂයට මුදල් සොයාගැනීමේ අදහසින් අරඹා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.පසුගිය 26 වනදා මෙහි ස්ව්ට්සර්ලන්තයේ ඔහු සුරිච් නගරයේදී සම අයිතියේ ස්ව්ට්සර්ලන්ත ශාඛාව පිහිටුවාගෙත තිබේ.
මෙහිදී විධායක සභාවක්ද පත්කරගෙන ඇතැයි වාර්තා වෙයි


ඒ අනුව
1.පෙරටුගාමී සමාජවාදී ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රේම කුමාර ගුණරත්න
2. නව ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රංශයේ සිට පැමිණි රයාහරන්
3.ඉතාලියේ පෙරටුගාමි ව්‍යාපාරය ගෙනයන තීමස් විජිත්
4.ස්විස් හි කාල් බෘනර් නැමැත්තෙක්ද මෙම විධායක කමිටුවට පත් කරගෙන තිබේ.
තවද සම කැදවුම්කරුවන් වශයෙන්
ගාමිනි වැන්ඩකෝන් සහ තිලකරාජ්ද එම ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබාගැනීමේ අදහසින් උදය ආර් තෙන්නකෝන් ගිණුම් භාරව කටයුතු කිරීමට ටෙරල් අබේසිංහ නැමැත්තක්ද පත් කරගෙන තිබේ.

ස්විස්ටර්ලන්තයේ සම අයිතිය ව්‍යාපාරය අරඹමින් කුමාර ගුණරත්න සදහන් කර ඇත්තේ සිය නව ව්‍යාපාරය ස්විට්සර්ලන්තය පුරාම ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවයි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive