සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති යළි කැඳවු කතාව බොරුවක්

රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා‍දීම ‍හේතුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි මෙරටට කැඳවන බව ප්‍රකාශ කළද, තානාපතිවරයා මෙරටට කැදවීමක් නොකළ බවත් ඔහු සුපුරුදු පරිදි එරටේ තානාපති සේවයේ යෙදී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

බිළිදු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි රිසානා නෆීක්ට සෞදි ආරාබියේදී මරණ දඬුවම ලබාදීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපතිවරයා යළි කැඳවන බව රජය නිවේදනය කළේය.


රිසානා නෆීක්ට මරණ දඬුවම ලබාදීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියේ මෙරට තානාපතිවරයා යළි කැදවන බව එකී නිවේදනයේ සඳහන් විය. එම නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සඳහන් කළේ, සවුදි රජය ලක් රජය රිසානා නෆීක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.

සෞදි අරාබියේ රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන අහමඩ් ජවාඩ් මහතා තවදුරටත් අදාළ තනතුරෙහි කටයුතු කරන අතර ඔහු නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට හෝ ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශකයා පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive