බස් රියේ ගිය නාගයින් !

නාගයන් ඔබමොබ සැරිසැරීම හේතුවෙන් මහනුවර සිට කුරණෑගල බලා ධාවනය වූ බස්රථයක් තුළ නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.පොලිසිය පැවසුවවේ, මගීන් කල දැනුම්දීමට අනුව ඊයේ රාත්‍රියේ අදාළ බස් රථය ගලගෙදර ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කළ බවය.

එහිදී බස් රථය තුළ සිට නාගයන් 09 දෙනෙක්, පිඹූරන් 02කු හා රිලවෙකු ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.අහිංකුන්ටකයින් සිව් දෙනෙකු විසින් මෙම නාගයන් හා රිලවා බස් රථයේ රැ‍ගෙන යමින් සිට ඇති අතර එම පුද්ගලයින් බීමත්ව සිට තිබේ.පොලිසිය පැවසුවේ, එම පුද්ගලයින් සිව්දෙනා, වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව තහවුරු වූ බවය.අත්අඩංගුවට පත් සැකකරුවන් හතර දෙනා, අද ගලගෙදර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොවුන් 27 වන දින රාත‍්‍රි කුරුණෑගල සිට මහනුවරට පැමිණෙන ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගොඩවී ඇත්තේ කුරුණෑගල නගරයෙනි. ඔවුන් බස් රථයට ගොඩවන අවස්ථාවේදී පදමට මත් පැන් පානය කර සිට ඇත. බස්රථයේ ඔවුන්ට වාඩිවීමට අසුන් නොනිබූ නිසා රියදුරු අසුන ලඟ සිටගෙන සිටි අතර වේලාවට බසට ගමන් ඇරඹීය. බසයද වේගයෙන් පැමිණි නිසා සුළඟ වැදෙද්දී ටික වේලාවක් ගතවත්ම තිදෙනාටම පදමට වෙරි වී ඇත. පරණ කෝන්තර මතක් කරමින් මේ තිදෙනා බස් රථය තුළ කෑකෝ ගසන්නට විය.වරෙක තමන් ගෙනා පොටිටනිද රැගෙන බසයෙන් බසින්නට එක් අයෙක් උත්සාහ කළේය. එය වැලකූ අනෙකා යලි සමාදානයට කතාකර නැවත එම බසයේම ගමන් ඇරඹීය. 

මොවුන් තෙළිගු භාෂාවෙන් කතා කරමින් රංඩු කළ අතර මොවුන් කවුරුන්ද, කොහේසිට පැමිණෙන අයද යන්න කාගේත් කුතුහලයට ලක්විය. මොවුන් ගෙනා පොට්ටනි තුළ යමෙක් දඟලන බවද කොන්දොස්තර මහතාට පෙනෙන්නට විය. මේ ගැන සැක සිතූ කොන්දොස්තර මහතා සහ බසයේ සිටි මගීන් තොරතොංචියක් නැතිව පොලිසියට මේ බව ඡංගම දුරකථන මගින් දැනුම් දෙන්නට විය.රාත‍්‍රි 9.30 ට පමණ ගලගෙදර පොලිසියේ නිලධාරීන් මෙම බස් රථය නවත්වා ඔවුන් බස් රථයෙන් බිමට බස්සවා මොවුන්ගෙන් ප‍්‍රශ්න කරන්නට විය. ඒ අතර තුර මොවුන්ගේ බඩු පොට්ටනි පොලිස් නිලධාරින් විසින් පරික්ෂා කිරීමට යාමේදී මහත් අකරතැබ්බයක් සිදුවිය. එම පොට්ටනි තුළ සිටි නයින්, පිඹුරන්, මෙන්ම එක පොට්ටනියක සිටි රිලවෙක්ද එලියට පනින්නට විය. බස්රථයේ සිටි මඟීන් බියට පත්ව මහත් කළබලයක් කරන්නට විය. බස් රථයේ සිටි ඇතැම් අය බස් රථයේ සීට් මත නැගී ලතෝනි දෙන්නට විය.

 පසුව පොලිස් නිලධාරීන් බසයේ සිටි සියලු දෙනා ආරක්ෂා කාරීව බසයෙන් බිමට බස්සවා නයින් සියලු දෙනා මෙම අහිකුණ්ඨක පුද්ගලයින් ලවා අල්ලා නැවත පොටිටනි තුළට දමන්නට විය.ඉන්පසු බසය පරික්ෂා කර නයි 10 ක්ද,පිඹුරන් 03 ක්ද,රිලවාද සමඟ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත්තේය. බසය ටික වේලාවකින් සුපුරුදු පරිදි මහනුවර බලා ගමන් ඇරඹීය. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පසු රිලවා සහ නයින් දසදෙනා එම රැහේ නායකයාට බාරදෙන ලෙසත්, පිඹුරන් තිදෙනා කුරුණෑගල වන ඡීවී කාර්යාලයට බාර දෙන ලෙසත්, පිඹුරන් ලඟ තබා ගැනීමේ වරදට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත් මහේස්ත‍්‍රාත් වරයා පොලිසියට නියෝග කළේය. ගලගෙදර පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive