කාලි මෑණියන්ට කල අපහාසයට මර්වින් දැන් දඩුවම් ලබනවා

කාලි මෑණියන්ට අපහාස උපහාස කරමින් වහසි බස් දෙඩූ මර්වින් සිල්වා ඇමැතිතුමා මෑණියන්ගේ දඬුවමට ලක්වී ඇති බව දැන්වත් පිළිගත යුතු යැයි හලාවත මුන්නේශ්වරම් 
ශ්‍රී  භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජකවරු රැසක්ම සඳහන් කරති.
මර්වින් සිල්වා මහතා කැලණියෙන් ඉවත් වූ බව වාර්තා වූ පසු මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට නම් හෙළි නොකරන ලෙසට ඉල්ලා සිටි එම පූජකවරුන් එසේ කීහ.
ඔවුහු මෙසේද කීහ.
“ඒ කාලේ මර්වින් සිල්වා මහතා දේවාලයට ඇවිත් මෑණියන් බැහැදැකලා එතුමියගෙන් අශීර්වාද ලබාගත්තා. එහෙත් කුමන හේතුවකින් හරි ඒ මහතා 2011 අවුරුද්දේ බැතිමතුන් මෑණියන්ට පූජා කිරීමට ගෙනා එළුවන් හා කුකුළන් උදුරගෙන යෑමෙන් මෑණියන්ගේ උදහසට ලක්වුණා.
ඒ අවස්ථාවේදී අප පෙන්වා දුන්නා එම සිද්ධියේ ඇති භයානකකම. එහෙත් ඒ වෙලාවේත් ඇමැතිතුමා මෑණියන්ව හාස්‍යයට ලක්කරමින් කටමැත දෙඩවූවා. ඒ මහතා දැන් මෑණියන්ගේ දඬුවමට ලක්වීම ආරම්භ කළා. අද ඇමැතිතුමා අසරණ වෙලා. කාලි අම්මාගේ බලයට අභියෝග කරන්න අපට බැහැ. අප ඒ ගැන කල්පනාකාරී විය යුතුයි.
අපට පුළුවන් අවවාද කරන්න විතරයි. දැන්වත් ඇවිත් මෑණියන්ගේ අනුකම්පාව ලබා ගැනීම වැදගත්. නැත්නම් තවත් ප්‍රශ්න ඒවි යැයිද කීහ.

Gossip Lanka Hot News Previous News Archive