ගතවූ උත්සව සමයේ සතියක කාලයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බව, වරාය හා මහාමාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.
ඉකුත් නත්තල් දිනයේ සිට ඊයේ (1) පෙරවරු 7.00 වන තෙක් මෙම මාර්ගයේ ගමන්කර ඇති මුළු වාහන සංඛ්‍යාව 95700 කි.
සතියක කාලය තුළ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ ඉකුත් 27 වැනි පෝය දිනයේ බවද එදින පමණක් ආදායම රුපියල් 45,36350 ක් බවද අමාත්‍යවරයා කීය.
මෙය එක් දිනක් තුළ ලබා ඇති වැඩිම ආදායම බවට ගණන් බලා ඇත.
මෙම මාර්ගයේ සාමාන්‍යයෙන් දිනකට ගමන් කරන වාහන සංඛ්‍යාව 8000 ක් වුවද ගත වූ උත්සව සමයේ දිනකට වාහන 12000-15000 අතර සංඛ්‍යාවක් ගමන් කර ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.